සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාදඩ පියා අවුරුදු 60ක් සිපිරිගෙයට යැවූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුගේ තීන්දුව  

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

වසර 06කට පෙර සිය බාල වයස්කාර දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කල පියෙකුට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයකදී අදාල චෝදනා සදහා වැරදි කරු වු චුදිතට වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 75,000ක දඩ මුදලක් හා අගතියට පත් චුදිතගේ බාලවයස්කාර දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   අද (16) සවස නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම්,වන්දි හා දඩ නියම වුයේ කතරගම ගෝතමීගම පදිංචි පානදුර ලෝකුරුගේ විරාජ් හේමන්ත නැමති 42 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිතගේ බිරිය මෙම සිදුවිම සිදුවීමට වසර කිහිපයකට පෙර පවුල් ආරවුලක් හේතුවෙන් චුදිතගෙන් වෙන්ව අවිස්සසාවේල ප්‍රදේශයේ වෙනත් පුරුෂයෙකු හා ජීවත් වී තිබේ. චුදිත හා දරුවන් දෙදෙනා පමණක් චුදිතගේ නිවසේ ජිවත්ව සිටියදී චුදිත පියා විසින් සිය බාලවයස්කාර දැරිය මෙළෙස බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

චුදිත සිය බාල වයස්කාර දැරිය අවස්ථා ගණනාවකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇත. පසුව පියාගේ හිරිහැරය ඉවසාගත නොහැකිව සිද්ධිය පිළිබදව බාලවයස්කාර දැරිය විසින්  ඇය ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරියට   දැනුම් දි තිබේ.පසුව ගුරුවරිය විසින් ඒ පිළිබදව දැරියගේ වැඩිමල් සහෝදරයාට හා ආච්චි අම්මාට දැනුම් දීමෙන් පසු ඔවුන් විසින් සිද්ධිය පිළිබදව කතරගම පොලිසියට පැමිණිලි කර ඇත. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව සිද්ධියට අදාලව කතරගම පොලිසිය විසින් සැකකරු  අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

ඒ අනුව පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නගා තිබූ අධි චෝදනා 03ම පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   චුදිතට මෙලෙස දඩුවම් නියම කෙරුණි.

චුදිතට එක් අධි චෝදනාවක්  සදහා වසර 20 බැගින් අධි චෝදනා 03 සඳහා වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම  කල අතර එය වසර 20 ක කාලයක් තුළ සමගාමීව ගෙවී යායුතු බවටද නියෝග කෙරුණි. 

මීට අමතරව එක් අධිචෝදනාවක් සදහා රුපියල් 25000 බැගින් අධි චෝදනා 03 සදහා රුපියල් 75000ක දඩ මුදලක්ද නියම කල අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් ඉහත දඩුවම් කාලයට අමතරව තවත් මාස 18ක සිර දඩුවමක්ද නියම කෙරුණි.

ඊට අමතරව අගතියට පත් වූ චුදිතගේ බාලවයස්කාර දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට නියෝග කල අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඩුවමක්ද නියම කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න පැමිණිල්ල මෙහෙය වු අතර කතරගම පොලිසිය වෙනුවෙන් පොලිස් කොස්තාපල් (86414) දේශප්‍රිය   පෙනී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර ප්‍රධාන බාලිකාවක සතියක් තුළ ඛේදවාචක 02ක්… තවත් සිසුවියක් සිය දිවි නසා ගනී!

Next Post

“හැංගිලා ඉන්නේ නැතුව එළියට ඇවිත් රටට ඇත්ත කියන්න”- ඇමති ජොන්ස්ටන් ගෑස් ලොක්කන්ට කියයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.