සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“හැංගිලා ඉන්නේ නැතුව එළියට ඇවිත් රටට ඇත්ත කියන්න”- ඇමති ජොන්ස්ටන් ගෑස් ලොක්කන්ට කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
johnston fernando
Share on FacebookShare on Twitter

තවදුරටත් හැංගී නොසිට ගෑස් අර්බුදය පිළිබඳ ඇත්ත ජනතාවට ප්‍රකාශ කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගෑස් සමාගම්වල සභාපතිවරුන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹ හොරණ මාර්ගයේ අංක 9/2 වේරහැර පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතින් අද දින වේරහැර දී සිදු වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

වේරහැර පාලම ඉදිකිරඅ සඳහා වැයවන වන මුදල රුපියල් මිලියන 285කි. දැනට මෙම පාලම මේ මීටර් 7 දිගින් යුක්ත වන අතර මීටර් 43.60 දක්වා පුළුල් වනු ඇත.පාලමේ පලල මීටර් 22 වන අතර මංතීරු 4 කින් සමන්විත වේ.මෙම පාලම ඉදිකීරීමට ගතවන කාලය මාස 15කි. මෙම පාලම ඉදි කිරීමත් සමග බොරලැස්ගමුව ගංවතුර තර්ජනය අවසන් වනු ඇත .

මෙහිදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ගැස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිලිතුරු දිය යුතුයි. මම මාධ්‍යයෙන් දැක්ක සභාපතිවරයෙක්ව දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි උන හැටි. හැංගිලා ඉන්න දෙයක් නෑ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර ජනතාවට පිලිතුරු දෙන්න. ඒවගේම ඔවුන් මෙමෙ ගෑස් ප්‍රශ්නයට වහාම විසදුම් ලබාදිය යුතුයි. මම දැක්ක එක සභාපතිවරයෙක් වංචා හා දූෂණ ගැන කථා කරනවා.හැබැයි ගෑස් ප්‍රශ්න එනකොට හැංගිලා. ජනාධිපතිතුමා තනතුරු දීලා තියෙන්නෙ හැංගිලා ඉන්න නෙවෙයි.ප්‍රශ්න නැති වෙලාවල්වල වීරයෝ වෙන්න වොයිස්කට් දෙන එක නෙවෙයි කරන්න ඕනෙ ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දීලා විසදුම් දෙන එක. ආණ්ඩුව හා ජනතාව අපහසුතාවයට පත් නොකර.”

තවද වාර අවසාන කිරීම ගැන අදහස් දැක් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

“කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියල.දේශපාලන අර්බුද තියෙනවලු.අර්බුද වෙලාවෙ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු. මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුද කියල. 1947 සිට මේ දක්වා 50 වරක් පමණ වාර අවසාන කරලා තියෙනවා. මේක අළුත් දෙයක් නෙමෙයි.සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවෙ.වහලා පුටුවල ඌරු තෙල් ගෑවා. අනික අපි පාර්ලිමේන්තුව 2022 ජනවාරී 11 රැස්වෙන්න හිටියේ.දවස් 06ක් ඉවසන්න බැරිද.මේ විපක්ෂය කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකල ලෝකෙ එකම විපක්ෂය.දැන් පාර්ලිමේන්තුව රැස් උනාම විපක්ෂය උපදෙස් දෙනවද අපට.චන්ද්‍රිකා මැතිණිය,ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ජේ ආර් ජනාධිපතිතුමා මේ හැමෝම වාර අවසන් කලා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි. එල්ලෙන්න වැලක් නැතිව විපක්ෂය කොරහේ කිඹුල්ලු මවනවා. ඩොලර් අර්බුදයක් තියෙනවා හැබැයි අපි ජනතාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ කියල වගකීමෙන් කියනවා. විපක්ෂයට මම නැවත අභියෝග කරනවා වැඩ පිලිවෙලක් තියෙනවානම් කියන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාදඩ පියා අවුරුදු 60ක් සිපිරිගෙයට යැවූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුගේ තීන්දුව  

Next Post

දොස්තර ෂාෆි නැවත සේවයේ පිහිටුවා නෑ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.