OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද උදෑසන ලංකාවට ගෙනා එම වංචාවේ ප්‍රධාන සැකකරු ගයාන් වික්‍රමතිලක මාර්තු මස 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළේය.
මෙම තැනැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුම මෙම නියෝගය නිකුත්කර ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පිරමීඩ ජාවාරමට අදාළ වෙබ් අඩවිය නිර්මාණය කිරීම මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බවත් ඔහු පරිගණක ඉංජිනේරුවරයෙක්වන බවත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කර තිබේ.







