බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපති… තීන්දුව ප්‍රකාශ කරන්නේ ජේවීපී වේදිකාවේ ඉඳන් – නාමල් රාජපක්ෂ!

by editor
මැයි 4, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter
  • මැයි දිනේ දවසේ රාජපක්ෂලා හිටියේ පන්සලේ ආගමික වතාවත් කරගෙන… ජේ.වි.පී  වේදිකාවේ ප්‍රධාන මාතෘකාව රාජපක්ෂලා….

වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික ප්‍රශ්න යටගැසීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව මත සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කරන්නේ නම්, ඊට එරෙහිව නැගී සිටීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04)  දින කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඇමතූ අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන්  කළේ මහින්ද රාජපක්ෂයට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ඇති බව දන්නේ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය හරහා කළ ප්‍රකාශවලින් පමණක් බවත් මේ වනතුරුත් ඒ සම්බන්ධව ලිඛිත දැන්වීමක් නැති බවත්ය.  ආණ්ඩුවේ මාධ්‍යවල මේ අඬහැරයෙන්  පෙනෙන්නේ අල්ලස් කොමිසම කැඳවිමක් කරන බවට පෙර ලකුණක් බව  පැවසූ නාමල් රාජපක්ෂ  මැයි දිනය දා පන්සලට ගොස් ආගමික වතාවත් සැමරූ තමන්ගේ පවුලේ අය ජනතා විමුක්ති පෙරමුණු  මැයි දින වේදිකාවේ ප්‍රධාන මාතෘකා වීමෙන් ආණ්ඩුවේ මානසිකත්වය  පෙනෙන්නේ යැයි කීවේය.

“අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු වුණා. ඉතින් ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු.

ජේවීපී එක 3% මට්ටමේ තියෙන කාලෙත් ගෝල්ෆේස් පිට්ටනිය පුරවලා රැස්වීම් කළා. හැබැයි දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන් මැතිවරණ කාලයේදී ලබාදුන් පොරොන්දු ඉටු කරනවද නැද්ද කියන එකයි. තමන් පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරගන්න බැරි වුණාම මැයි රැලි පවත්වලා අපිට බැන්නට හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි මෙවර පෝය දිනය යෙදී තිබුණු නිසා මැයි රැලි පැවැත්වූයේ නැහැ. අපි පන්සල්වල ආගමික වතාවත්වලට මුල්තැන දුන්නා. හැබැයි ජේවීපී මැයි රැළියේදී අමතක කරන්නම බැරි වචන සෙට් එකක් තමයි ‘රාජපක්ෂලා’ සහ ‘පොහොට්ටුව’ කියන්නේ. ඒකෙන්ම ඔවුන්ගේ මානසිකත්වය පැහැදිලි වෙනවා.

ජනාධිපතිවරයා එහිදී කතා කළේ කම්කරුවන්ගේ අයිතීන්, රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කිරීම හෝ රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන නෙවෙයි. ඔහු කතා කළේ අපිව හිරේ දාන්නේ කොහොමද කියන එක ගැනයි. ලැජ්ජාවේ බැහැ! විධායක ජනාධිපති තනතුර වැටිලා තියෙන තැන ගැන කනගාටුයි. ඔය කතා ටික ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන් කියපු දේවල්ම තමයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් තියෙනවා කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. තාම ලිඛිතව ලියුම ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් ඔවුන්ට සම්බන්ධ සමාජ මාධ්‍යවලට ඕක මුලින් දෙනවා කියන්නේ ලියුම මඟ එනවා ඇති. දැනගන්න තියෙන විදිහට, බලහත්කාරයෙන් ලියාගත්ත ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න කිරීම් කරන්න හදන්නේ. ඒ ප්‍රකාශය ලබාදුන් පුද්ගලයා පවා දැන් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා තමන්ගෙන් ඒක ගත්තේ බලහත්කාරයෙන් කියලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔයිට වඩා දේවල්වලට උත්තර දීලා තියෙන කෙනෙක්.

අපි තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිවරයා මැයි දිනයේදී ජේවීපී වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දුන්නත්, ගරු විනිශ්චකාරවරුන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙයි කියලා අපි හිතනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රටේ ආයතන 100කට වඩා පරිගණක පද්ධති ප්‍රාථමිකයි… අනාරක්ෂිතයි…” ඇමති බිමල් කියයි!

Next Post

හබරාදූවේ තරුණ ඇඟලුම් සේවිකාවක මියගොස් ඇත්තේ අකුණු සැර වැදීමෙන් නොවේ!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.