බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රටේ ආයතන 100කට වඩා පරිගණක පද්ධති ප්‍රාථමිකයි… අනාරක්ෂිතයි…” ඇමති බිමල් කියයි!

by editor
මැයි 4, 2026
in පුවත්
treasury
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන- 

  • ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකි තරමට  සයිබර් ආරක්ෂාව බිඳවැටී ඇති රටක ඇත්තම කතාව!

රංග රාජපක්ෂ ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. ඒ රටේ පවතින දැවැන්ත ගර්හිත ආයතනික පද්ධතියක ඛේදවාචකය පෙන්වා දෙමිනි. ඒ මරණය මේ වනවිට දේශපාලන පොරපිටියේ තුට්ටු දෙකට පත් කර ඇති අයුරු පෙනේ. එහෙත් මෙතෙක් හෙළි නොවුන, කිසිවිටෙකත් හෙළි නොවිය යුතු තරම් බිහිසුණු අනාරක්ෂිත තත්ත්වයක රටේ ආයතන පද්ධතිය පවතින ආකාරය සම්බන්ධව දැන් විවෘත හෙළිදරවු  වෙමින් ඇත්තේ අප තිගස්වන ආකාරයටය.

ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අතිශය වැදගත් රාජ්‍ය ආයතන සිය ගණනක ඩිජිටල් පද්ධති පවතින්නේ ඕනෑම මොහොතක හැකර් ප්‍රහාරයකට ලක්විය හැකි අතිශය අනාරක්ෂිත මට්ටමක බව දැන් අනාවරණය වී තිබේ. අමාත්‍ය  බිමල් රත්නායක පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සිදුකළ අනාවරණයෙන්  වැටහෙන්නේ   මේ රටේ මූල්‍ය සහ පරිපාලන” ස්නායු” මධ්‍යස්ථාන සියල්ලම “පැරලයිස්” වී ඇති ආකාරය ය.

හැකර්ලාට  නිවාඩු එන්න හිතෙන ‘ආතල් නිවුස්’ එකක්!

රටක මහා භාණ්ඩාගාරය යනු ජාතියේ මූල්‍ය රහස් සහ වත්කම් සුරක්ෂිතව තැබිය යුතු තැනය. එහෙත් අපේ පද්ධතිවල පවතින දුර්වලතා කොතරම්ද යත්, එය ලෝකයේ සිටින හැකර්ලාට  නිවාඩුවක් ගත කිරීමට ලංකාවට පැමිණෙන්නට සිතෙන තරමේ ‘ආතල් නිවුස්’ එකක් බවට පත්ව ඇත්තේය.

අනෙක් අතින් ඊමේල් පණිවිඩයක් වැනි ඉතා සරල ක්‍රමවේදයක් හරහා පවා රාජ්‍ය පද්ධතිවලට රිංගා  මුදල් කොල්ලකෑමට ඇති අවස්ථාව හොරකමකටත් වඩා වේදනාත්මක දෙදරුමකි.  පද්ධතිමය දුර්වලතාවයන් සහ එම පද්ධති හසුරුවන්නට අදාල විෂයේ තාක්ෂණික භාවිතයන් පිළිබඳ ඇති නොදැනුවත්කම අවසානයේ දී  ජීවිතවලින් වන්දි ගෙවා පියවිය නොහැකි රාජ්‍ය අලාභයක් නිර්මාණය කර තිබේ.     දැනටමත් රජයට රුපියල් කෝටි 75ක මුදලක් අහිමි වී තිබේ. මෙම මුදල් මේ වන විට වෙනත් නීති විරෝධී ගිණුමකට බැර වී  ඇත.

වසර 8ක් පරණ සොෆ්ට්වෙයාර් සහ යාවත්කාලීන නොවන පද්ධති

මෙම පද්ධතිමය කඩාවැටීම පිළිබඳව පුබුදු ජයගොඩ සිදුකරන විග්‍රහය තත්ත්වය තවත් බරපතළ කරයි. මෙම සයිබර් අනාරක්ෂිත භාවය මහා භාණ්ඩාගාරයට පමණක් සීමා වූවක් නොවන බවත්, රටේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන ශ්‍රී ලංකා රේගුව ද මේ වන විට බරපතළ අවදානමක පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේය. ඔහු පවසන පරිදි රේගු කටයුතු සඳහා භාවිතා කරන ASYCUDA (Automated System for Customs Data) පද්ධතිය වසර ගණනාවකින් යාවත්කාලීන වී නොමැත. මෙම මෘදුකාංගය නිෂ්පාදනය කළ UNCTAD ආයතනය විසින් එහි යාවත්කාලීන කිරීම් (Update) නතර කර ඇත්තේ 2020 දී බව ඔහු පෙන්වා දුන්නේය. 2025 වනවිට එහි ආරක්ෂණ යාවත්කාලීන කිරිම් මුලුමනින්ම අත්හැරිය බව ඔහු අනාවරණය කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ශ්‍රී ලංකාව තවමත් එහි අතිශය පැරණි සංස්කරණයක් භාවිතා කිරීම තුළින් රේගු ආදායම් වාර්තා කිරීමේදී සහ මහා පරිමාණ වංචා වැළැක්වීමේදී විශාල ගැටලු මතු වන බව ඔහු අවධාරණය කළේ ආන්දෝලනාත්මක මහ බැංකු  ගනුදෙනුව අනාවරණය වන්නට පෙරය.

එදා පුබුදු පෙන්වා දුන්නේ තාක්ෂණික වශයෙන් මෙවැනි අනාථ වූ (Legacy) පද්ධති මත යැපීම නිසා දූෂිත නිලධාරීන්ට සහ ජාවාරම්කරුවන්ට පද්ධතිවල පවතින හිස්තැන්වලින් රිංගා යාමට අවස්ථාව සැලසී ඇති බවය. , එය රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම මූල්‍ය පද්ධතියට ද එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බවත් පුබුදු ජයගොඩ  එදා වැඩිදුරටත් කීවේය.

ආයතන 37කට ‘නැෂනල් ඔප්ස් රූම්’ එකට එන්න නියෝග

රජය පවසන්නේ රටේ සයිබර් අනාරක්ෂිත භාවය සම්බන්ධව සැබෑ අවබෝධයක් තමන්ට තිබුණු බවය.  මෙම ව්‍යසනකාරී තත්ත්වයට පිළියම් ලෙස 2025 ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් මගින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ “ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක්” (National Operation Room)  ස්ථාපනය කර ආරම්භ කර තිබුණේ මේ අනාරක්ෂිත තත්ත්වයෙන් මිදී ජාතියක් ශක්තිමත් කිරීමේ මෙහෙයුම බව රජය පැවසුවේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානයට තම ඩිජිටල් පද්ධති සම්බන්ධ  කරන ලෙස රාජ්‍ය ආයතන 37කට මේ වන විට නියෝග කර ඇත. තෙල් සංස්ථාව, මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මැතිවරණ කොමිසම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි ආයතන රැසක පද්ධති තවමත් පවතින්නේ අතිශය ප්‍රාථමික (Primitive) මට්ටමක බව මෙහිදී හඳුනාගැනිම මෙම ක්‍රියාමාර්ගය ගැනීමට මූලික හේතුව වූ බව රජය පැවසුවේය.

සමහර අපරාධ දැක්කත් කරගන්න දෙයක් නැති තත්ත්වයක්!

ඇමති බිමල් රත්නායක පවසන පරිදි, මේ  කිසිම ප්‍රතිසංස්කරණයක්  ක්ෂණිකව කළ හැකි දේවල් නොවේ. ඒ සඳහා නව මෘදුකාංග සහ දෘඩාංග (Hardware) ගෙන්විය යුතු අතර නිලධාරීන් පුහුණු කළ යුතුය. පද්ධතිය අන්තර්ග්‍රහණය කිරීමට විශාල කාලයක් කැප කළ යුතුය. ඒ කටයුතු සංස්කරණය කරගත යුතු වන්නේ රටක් දුවන අතරය.

එමෙන්ම පවතින වැටුප් තලයන් සමග තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රජයට සම්බන්ධ කරගැනීමේ නොහැකියාව ඒ අයුරින්මය. පද්ධතිය නිසි අයුරින් හැසිරවිය හැකි වෘත්තිකයින්ගේ බරපතල හිඟයක් රාජ්‍ය ආයතන තුළ නිර්මාණය වී ඇත.

“සමහර අපරාධ දැක්කත් කරගන්න දෙයක් නැහැ” යනුවෙන් ඔහු පවසන්නේ පවතින තත්ත්වයේ බරපතළකමය. පද්ධතිවල පවතින එක් එක් හිඩැසට ගොස් බිල්ලන් මවන්නේ එම හිස්තැන් ඇති කරමින් යාවත්කාලීන කර පවත්වාගෙන පැමිණි පුද්ගලයින්ම වීමත් එක් තාක්ෂණික පිපිරී යෑමක් රටක අවසානය සේ විවරණය කරමින් සිටින්නේ ඔවුන් වීමත් දෛවෝපගත බව රජය පවසයි.

 අනාගතය සහ වගකීම

මේ අප කතා කරන්නේ හෙළි දරව් වූ ඩොලර් මිලියන 2.5ක කොල්ලයක් ගැනය. තවත් ඩොලර් ලක්ෂ ගණනක හොරකමක් තැපෑලේ සිදු වී ඇති බව හොරකම සිදුවී බොහෝ දිනකට පසු දැන් අනාවරණය වී ඇත.

“ මීට වඩා විශාල හොරකම් වෙලා ඇති. ඉදිරියට වෙන්නත් පුලුවන්. ඒ තරමට අපි අපේ සයිබර්  පද්ධති ඇතුළෙ අනාරක්ෂිතයි. “ බිමල් රත්නායක කියන්නේය.

රටක් ලෙස අප සිටින්නේ ඩිජිටල් ඛේදවාචකයක අද්දරය. එය ඩොලර් මිලියන 2.5කට වටිනාකමකට එහා ගිය  තිගස්වන සුළු යථාවකි.    හෙට (මැයි 05) පාර්ලිමේන්තු වාරයේදී ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුව සම්බන්ධ නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන්නේ මේ අතරය. හෙට පාර්ලිමේන්තුවේ මයික් පැලෙන දවසකි. එහෙත් ඉන් රටට  රටේ අනාගතයට යහපත් සංවාදයක් නිර්මාණය වනු ඇතැයි ලංකාසර අප විශ්වාස කරන්නේ නැත. ඒ අපගේ දශක ගණක ජීවිත අත්දැකීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටි තැනම ඉඳගෙන කට කතා වලට උත්තර දෙන තුයියකොන්තා ගැන….

Next Post

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපති… තීන්දුව ප්‍රකාශ කරන්නේ ජේවීපී වේදිකාවේ ඉඳන් – නාමල් රාජපක්ෂ!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.