කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් විද්‍යාඥයකු වන මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර යළිත් වතාවක් පත් කර තිබේ .
දීර්ඝ කාලයක් මෙම ආයතනයේ විද්‍යාඥයකු වශයෙන් කටයුතු කළ මහාචාර්ය ප්‍රේමකුමාර පසුගිය කාලයේදීද එම ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර දීර්ඝ කාලයක් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂකයකු වශයෙන් සේවය කළ අතර පසුව ඔහු අධ්‍යක්ෂ ජනරාල් තනතුරද ඉසිලීය. ඉන් පසු කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ මූලික විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කර ඇති අතර ශ්‍රි ලංකාංවේ ජෛව සම්පත් සම්බන්ධයෙන් ඔහු විශිෂ්ට පර්යේෂණ රැසක් සිදු කළ විද්වතකු ලෙස සැලකේ.
තමන් විසින් කරන ලද පර්යේෂණ වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලද මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර දැනට වසර 30ක පමණ කාලයක සිට පර්යේෂණවල නියැළෙයි.
කොළඹ රාජකීය විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය හදරා ඇති හෙතෙම සිය මූලික උසස් අධ්‍යාපනය කොලඹ විශ්ව විදයාලයයෙන් සම්පුර්ණ කරගෙන ඇත.







