කොළඹ, මහ කොමසාරිස් කාර්යාලය විවිධ මට්ටමේ උපාධි පාඨමාලා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව 200කට පමණ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
කීර්තිමත් ඉන්දියානු විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතනයන් හි වෛද්‍ය/පරිපූරක වෛද්‍ය, විලාසිතා නිර්මාණය සහ නීති පාඨමාලා හැර විවිධ විෂය ක්ෂේත්‍රයන් හි උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ. ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් පිරිනමනු ලබන උපාධි පාඨමාලා අධ්‍යයන වර්ෂ 2023/24 සඳහා වේ.
සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පුර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබා දෙනු ඇත. එසේම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපල වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබා දෙයි.තෝරා ගනු ලබන අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම්ද සැපයේ.
මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරා ගනු ලබයි. අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේය. අවශ්‍ය විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයීය වෙබ් අඩවිය වන www.mohe.gov.lk තුළින් ලබා ගත හැකිය. මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හෝ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත දන්වනු ලැබේ.
. එම ශිෂ්‍යත්ව යෝජනා කුම පහත පරිදි වේ.
• නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන: මෙම වැඩසටහන මගින් ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, වාණිජ, මානව ශාස්ත්‍ර සහ කලා ඇතුළු විවිධ උපාධි/පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ආවරණය කෙරේ.
• මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන: මෙම වැඩසටහන මගින් ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (Masters) ආවරණය කෙරේ. ඉංජිනේරු, විද්‍යා සහ කෘෂිකර්මය යනාදි අංශයන්ට ප්‍රමුඛත්වය දෙනු ඇත.
• රජීව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන: B.E හෝ B.Tech උපාධියක් දක්වා යොමු වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා මෙයට ඇතුළත් වේ







