බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

DIG රොහාන්ගේ ලක්ෂ 74 මූල්‍ය අපරාධය අධිකරණයට වාර්තා කළ CID මූල්‍ය අපරාධ අධ්‍යක්ෂ පොලිස්පති නියමයෙන් මාරු කරයි…

නිම කළ විමර්ශන වාර්තාව මාස හයකට අධික කාලයක් කිසිම පියවරක් නොගෙන පොලිස්පති ලඟ තිබිලා...

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

පොලිස් අපරාධ විමර්ශන ඉතිහාසයට  කළු පැල්ලමක් එක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ වත්මන් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න විසින් සිදුකළ බවට සැක කරන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය අපරාධය පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස් වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කර යවා ඇත.

මෙම මාරුවීම සිදුකිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව අද (09) දහවල් ලංකාසර වාර්තා කළේය.

පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරන ආකාරයට  පොලිස් අධිකාරී එන්.වී ලෝරන්ස්   වෙත මෙම ස්ථාන මාරුව ලැබෙන්නේ   වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරද්දී   අත්අඩංගුවට පත් වී සිටි  උණ්ඩියල් ජාවාරම්කාර    කරුවන් පිරිසක්   අරභයා අධිකරණයත්  නොමග යවා කළ අකටයුත්තක්  ගැන එවකට මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් ජගත් අල්විස් විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව පොලිස්පති නියමයෙන් කළ විමර්ශනයක් හේතුවෙනි.

නීති විරෝධී ජාවාරමක යෙදුන මෙම උණ්ඩියල් කරුවන් සමග අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ලෙස සැලකෙන රුපියල් ලක්ෂ 74ක් ඔවුන් වෙතම ලබා දී විමර්ශනය නිමා කිරීම සම්බන්ධව එම චෝදනාව ගොනු වී තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොලිස්පති නියමයෙන් කළ මෙම විමර්ශනය සම්පූර්ණ කර සියලු තොරතුරු හෙළිදරව් කරගෙන විමර්ශන වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර තිබිණි.

එමෙන්ම   පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම නිලධාරියා සම්බන්ධ  විමර්ශනයක් සිදුකරන ලෙසත්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ පරීක්ෂණයක් කරන ලෙසත් එම විමර්ශන නිර්දේශවල සඳහන්ව ඇති බව  ද වාර්තා වේ.

මෙම විමර්ශන ලිපිගොනු පොලිස්පතිවරයා වෙත භාර දී මාස හයකට අධික කාලයක් ගතවුණු පසුත් කිසිම පියවරක් ගෙන තිබුණේ නැත.

කෙසේ වෙතත්  පසුගිය 05 දා   සිදුකළ නිමා කළ  විමර්ශනය සම්බන්ධව  කරුණු අධිකරණයට වාර්තා කිරීමට වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කටයුතු කළේය.

මෙම කරුණු වාර්තා කිරීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමත්න විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි එන්.වී ලෝරන්ස් ධූරයෙන් පහ කර වහාම ක්‍රියාත්මකවන පරිදි ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට වෙත මාරු කර යවා ඇත.

එමෙන්ම මෙම විමර්ශනය සිදුකළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නියම වී ඇතැයි ද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ ප්‍රවෘත්තිත් බලන්න…

 

ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

ඩීඅයිජී රොහාන් ප්‍රේමරත්නගේ ලක්ෂ 75 දූෂණය විමර්ශනය කළ සී.අයි.ඩි. මූල්‍ය විමර්ශන අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්?.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පකිස්ථානුවෝ ලකුණු 120කට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගොදුරු වෙති…

Next Post

පකිස්ථානයට එරෙහිව කඩුලු 05ක ජයක්… ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.