සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථානයට එරෙහිව කඩුලු 05ක ජයක්… ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට…

by editor
සැප්තැම්බර් 9, 2022 - Updated on සැප්තැම්බර් 10, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගෙනය.  ඒ  20 විස්ස ආසායානු කුසලාන සුපරි වටයේ අවසන් තරයෙන් පකිස්ථානය පරාජය කරමිනි.

ජාතියක් අසීමිත පරාජයන් හමුවේ බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ආසියානු කුසලානය අවසන් මහා තරගය අභියසය.

ලකුණු 121ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 17ක් තුළ කඩුළු 05ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

පකිස්තානු ඉනිම 

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීම තේරුවේය.  මුලින් පන්දුවට පහර දුන් ප්‍රබල පකිස්තානු කණ්ඩායම පන්දු ඕවර 19.1 තුළ ලකුණු 120කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වනිඳු

වනිඳු හසරංග යළිත් ආකර්ශනීය පන්දු යැවීමකය. ඔහු පන්දු ඕවර හතර තුළ   ලකුණු 21කට කඩුළු 03ක් දවා ගත්තේය. තම අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු දෙක තුළ කඩුළු දෙකක් ලබා ගැනීමට වනිඳුට හැකි විය.

මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 21කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. ධනංජය සිල්වා තවත් විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. කඩුල්ලක් දවා ගත්තේය.

චාමික කරුණාරත්න එක් පන්දු ඕවරයක් පමණක් යවමින් ලකුණු 04කට කඩුල්ලක්  ලැබීය. නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් පන්දු ඕවර 2.1 යවා ලකුණු 21ට කඩුලු 02ක් ලැබීය.

පකිස්තානු කණ්ඩායමේ නායක බබාර් අසාම් මේ තරගයේ ලකුණු අතරට පැමිණියේය. ඔහු පන්දු 29ක දී ලකුණු 30ක් ලැබුවේය.  මොහොමඩ් නවාස් පන්දු 18ක දී ලකුණු 26ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමට හසුවිය. පකිස්ථානු කණ්ඩායම පන්දු ඕවර 19.1 දී ලකුණු 120කට සියල්ලෝ දැවී ගියහ.

ඉලක්කය හඹා යෑම 

ඉලක්කය හඹා යෑමට ශ්‍රී ලංකා පිතිකරුවෝ පැමිණියහ. ශ්‍රී ලංකා ඉනිම   ආරම්භයම තිගැස්මකි. අප අනුමාන කළ ආකාරයටම 120 පහසු ඉලක්කයක් නොවන බව පකිස්ථානු පන්දු යවන්නෝ මුල් ඕවර කිහිපය තුළ පෙන්වූහ.

ආරම්භක පිතිකරු  කුසල් මෙන්ඩිස් මුහුණ දුන් මුල් පන්දුවේදීම ලකුණු නොලබා මොහෙමඩ් හස්නයින් ඉදිරියේ  දැවී ගියේය. තරගයේ පන්දු දෙකක් පමණක් යවා තිබිණි. ලකුණු 01කි. කුසල් ඉනිමේ  දෙවැනි පන්දුවෙන් දැවී ගියේය.

අනතුරුව පිටියට පැමිණියේ ධනුෂ්ක ගුණතිලකය. පිට පිටම අසාර්ථක වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කැඳවා තිබුණු බැවින් පළමු කඩුල්ල  ලෙස ධනුෂ්ක පිටියට පැමිණියේය.   ඔහු  මුහුණ දුන්නේ පන්දු හතරකට පමණි. හරිස් රවුෆ් හමුවේ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩපන්දුවක් දී ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී ධනුෂ්ක දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩාම ලකුණු 2ට කඩුළු 02කි.

අනතුරුව පිටියට පැමිණියේ ධනංජය ද සිල්වාය. ධනංජය පන්දු දොලහකට පමණක් මුහුණ දුන්නේය. එක් හතරේ පහරක් සමග ලකුණු 09ක් ලැබුවේය. 3වන කඩුල්ල ලෙස හරිස් රවුෆ් හමුවේ  ධනංජය පිටියෙන් ඉවත්වනවිට  මුලු ලකුණු සංඛ්‍යාව 29කි.

ඉනිමේ මුදුන් මුල – පැතුම්

ඉනිම සුන්වන ලකුණු පෙනෙද්දී  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක් අන්තයක් දරාගෙන සිටියේය. භාණුක රාජපක්ෂ පන්දු 19කට මුහුණ දී   ලකුණු 24ක් ලබා දැවී යද්දී, නායක දසුන් ශානක පන්දු 16කට මුහුණ දී  හයේ පහර 02ක් සහ එක් හතරේ පහරක් සමග ලකුණු 21කට දැවී යද්දී සිය වේගවත් රිද්මය තුළ රැඳෙමින් පැතුම් නිශ්ශංක ඉනිමේ යෝධ මුල් ගල වූයේය. ඉනිම ගොඩනැගුනේ ඔහු වටාය. පැතුම්     හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 48ක දී ලකුණු 55ක් ලබා නොදැවී සිටියේය.

තරගය නිමා කළේ වනිඳු හසරංගය.  වනිඳු පන්දු 03ක් තුළ හතරේ පහර 02ක් සමග ලකුණු 10ක් ලැබීය.

පකිස්ථානය වෙනුවෙන්  පන්දු ඕවර තුන බැගින් යවමින්  මොහොමඩ් හස්නින් ලකුණු 21කට කඩුළු 02ක්, හරිස් රවුෆ් ලකුණු 19කට කඩුළු 02ක් ලැබුවේය. පන්දු ඕවර 04ක් යැවූ උස්මාන් ක්වඩිර් ලකුණු 34කට කඩුල්ලක් ලැබීය.

තරගයේ වීරයා වනිඳු හසරංගය. ශ්‍රී ලංකාව අපරාජිතව ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයට පිවිසෙන්නේය.

ඒ තරගයත් පකිස්ථානය සමගය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

DIG රොහාන්ගේ ලක්ෂ 74 මූල්‍ය අපරාධය අධිකරණයට වාර්තා කළ CID මූල්‍ය අපරාධ අධ්‍යක්ෂ පොලිස්පති නියමයෙන් මාරු කරයි…

Next Post

ඇමෙරිකාවේ බලවත් කතක් වන සමන්තා පවර් අද ශ්‍රි ලංකාවට!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.