සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 අවුරුද්දකට පසු භාරතය බබළවන 21 හැවිරිදි රූප රාජිණිය ගැන ලෝකය තබන බලාපොරොත්තුව

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව දැවැන්තම ජාත්‍යන්තර රූ රැජින තරග හතරෙන් එකක් වන විශ්ව රූ රැජින මෙවර තරගයෙන් ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්ධු කිරුළ හිමිකරගත්තේ සිය මව්බිමට ඉතිහාසගත ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි. ඒ 2000 වසරේ ලාරා දත්තා දිනූ විශ්ව රූ රැජින කිරුළ දිනූ හරියටම වසර 21කට පසුව 21 වියැති හර්නාස් සන්ධු විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් තෙවැනි ඉන්දීය කාන්තාව බවට පත්වීමෙනි.එයින් කියන්නේ ඇය උපන් අවුරුද්දෙන් පසුව මේ වනව තෙක් ඉන්දිය සුරූපිනියකට ඒ වාසනාව ලැබී නොමැති බවය.

විශ්ව රූ රැජින යනු අමෙරිකාව පදනම් කරගත් රූ රැජින තරගයක් වන අතර එය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. ඊශ්‍රායලයේ අයිලට් හි දී මෙවර පැවැත්වුණේ විශ්ව රූ රැජින 70 වැනි තරගාවලියයි.

කවුර් යුවළට දාව උපන් සන්ධු ඉපදුණේ පන්ජාබ්හිදී චන්යදිගාර් හිදීය.හර්නාස් හැදී වැඩුණු චන්දිගාර්හි පිහිටි ශිවාලික් පොදු පාසලට සහ කාන්තා විද්‍යාලයට ඇතුළත් ව ඇය එහිදී සිය මූලික හා ද්විතියික අධ්‍යාපනය හැදෑරැවාය. 21 හැවිරිදි ඇය දැනට රාජ්‍ය පරිපාලනය පිළිබඳ සිය ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටීන්නීය. ඇය වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් සිටී.

සන්ධු වයස අවුරුදු 17 සිටම රූපලාවන්‍ය සහ නිරූපණ සංදර්ශන සඳහා තරඟ කිරීමට පටන් ගත්තාය. Miss Chandigar -2017 සහ Miss Max Emerging Star India -2018 තරගවලදී ඇය ශූරතා දිනාගත්තාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2019 දී ඇය Femina Miss India Punjab 2019 කිරුළ දිනාගත් පසුව ඇය Femina Miss India තරඟයට තරඟ කළාය. ඇය ෆෙමිනා මිස් ඉන්දියා හි හොඳම 12 දෙනා අතර ද සිටියාය.

ඇය දැනට වසර කිහිපයක සිට විලාසිතා ක්ෂේත්‍රයේ තම නම රැන්දීමට සමත් වී සිටින්නීය. එපමණක් නොව, ඇය යාර දියන් පූ බරන් සහ බායි ජී කුට්ටංගේ වැනි චිත්‍රපටවල පවා රඟපා ඇත.

නිරූපණයේ හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සාර්ථක කරගනිමින් සිටින ඇය එතැනින් නොනැවතී කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින්නියක් ලෙස ද ප්‍රකටව සිටින්නීය. ඇය ප්‍රියංකා චොප්රාගෙන් ආභාෂය ලබා ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළාය. ඇයගේ විවේක කාලය තුළ ඇය යෝග අභ්‍යාස, නැටුම්, ඉවුම් පිහුම්, අශ්වයින් පැදීම සහ චෙස් ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන්නියකි.

සන්ධූ සොබාදහමට බෙහෙවින් ආදරය කරන්නියකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ස්වභාව සංරක්ෂණය පිළිබඳ ඇයගේ අදහස් රූ රැජින විනිශ්චය මණ්ඩලයේ සිත් ගත්තේය. ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස පිළිබඳව ද ඇයට දැඩි මතයක එල්බ සිටින්නීය.

හර්නාස් ඇගේ විශ්ව රූ රැජින නියෝජිත චරිතාපදානයේදී සඳහන් කළේ පුරුෂාධිපත්‍යයේ විලංගුවලින් මිදී තම පවුල මෙහෙයවීමට සාර්ථක නාරිවේද වෛද්‍යවරියක් බවට පත්වූයේ ඇගේ මව තමා ශක්තිමත් කාන්තාවක ලෙස ඉදිරියට ඒමට පෙළඹවූ බවයි. කාන්තා අරමුණු සඳහා සහය වීමට සහ කාන්තා සවිබල ගැන්වීමට උපකාර කිරීමට සන්ධූහට මෙය ආශ්වාදයක් වී ඇත. ඇය අධ්‍යාපනය, වෘත්තීන් සහ තේරීමේ නිදහස සඳහා කාන්තා ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සඳහා ප්‍රබල ආධාරකාරිනියක ද වේ.

හර්නාස් සන්ධූ වත්මන් විශ්ව රූ රැජින ලෙස ඉදිරියේ දී ජාත්‍යන්තර විශේෂ අවස්ථාවන් ගණනාවකට සහභාගි වීමට කාර්යබහුල වනු ඇත. නව කිරුළ ඇය‍ගේ සමාජමය දායකත්වයට ප්‍රබල මෙවලමක් වනු ඇති අතරම ඉන්දීය සිනමා නිර්මාණවලින් ද ඉදිරියේ දී ඇය දකින්නට ලැබෙන බවට දැනට ඉඟි පළවෙමින් ඇත.
මෙහිදීඩ වඉඩාත් අවධානයට ලක්ව ඇති කරුණක් වී ඇත්තේ ඇය දේශගුනික විපර්යාස සහ මිහිතල උණුසුම් විම පිළිබඳව දක්වන ආකල්පයයි. මේ වෙනුවෙන් ඇය නගන හඟන හඬ ලෝකයේ ජනතාව නව ගමනකට එක් කර ගැනීමට තරම් ප්‍රබල බලපෑමක් කළ හැකි වනු ඇතිය බොඓා් දෙනා මත පළ කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලැබෙන පළමු අවස්ථාවේ දීම දරුවාට එන්නත් කරන්න… එළඹෙන උත්සව සමයේ දරුවා කොවිඩ් ගොදුරක් නොකරන්න… 

Next Post

ගෑස් පිපිරී මිය ගිය කාන්තාවගේ සැමියා ගෑස් කොම්පැණියට එරෙහිව නඩු මගට බසී!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.