ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ ස්වාමිපුරුෂයා ගෑස් සමාගමට සහ රජයට එරෙහිව වන්දි ඉල්ලා නීතිය ඉදිරියට යෑමට සූදානම් වේ.
ඇයගේ සැමියා මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කර කියා සිටියේ මෙම නඩුව කියන්නේ මිය ගිය සිය බිරිය නිසා හෝ අසරණ වූ තමන්ගේ දරුවන් නිසා නොව, ඉදිරියේ දී සිදුවීමට නියමිත තමන් වැනි අසරණ මිනිස්සුන්ගේ ජීවිත ව්‍යසන නවත්වා ගැනීමේ අභිලාෂයෙන් වය.
කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක දී ගෑස් ලිප පුපුරා ගොස් ඉන් පිළිස්සුම් තුවාල ලැබ දින 10ක් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙසේ මියගොස් තිබුණේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියංගනි අශෝකා සෝමසිරි 53 හැවිරිදි සිව්දරු මවකි.
ඇය මේ අනතුරට ලක් වන්නේ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කුලී පදනම මත කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචියට පැමිණ සිටියදීය.
මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා තිබිණි.
, “උදේ ආහාර පිළියෙලකරන්න ගෑස් එක ඕන් කරනකොට එකපාරටම ලිප පුපුරලා තියෙනවා. ඊට පස්සේ විශාල ශබ්දයක් එක්ක ගිනි ජාලාවක් ඇවිත් තියෙනවා. ඒ ශබ්දය අපේ චූටි පුතාට ඇහැරිලා අම්මා නැගිට්ටවලා තියෙනවා. ඒ නැගිට්ටුවාට පස්සේ අම්මා ඇවිදගෙන ඇවිත් තියෙනවා.
“එයා කුස්සියෙ ඉඳන් “දනවා දනවා” කියලා කෑ ගහගෙ ඇවිත්. පස්සෙ මූහුණට වතුර ටිකක් දලා වෑන් එකකින් අරගෙන ගිහින් නුවර මහ රෝහල ඇතුළත් කරලා ප්‍රතිකාර කරලා තියෙනවා. “
“මම මේ පිළිබඳව ගෑස් සමාගමටත් රජයටත් විරුද්ධ නඩු මඟට බැහැලා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ මූලික කටයුතු මේ වනවිටත් කරලා තියෙනවා. මම මේ නඩුව කියන්නේ මගේ බිරිඳවත් දරුවන්වත් වෙනුවෙන් නොවේ. ඉදිරියට මේ වාගේ විනාශ වන ජීවිතවලට මෙතනින්වත් තිතක් තබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. මේ මරණයේ වගකීමත් ඇත්තෙන්ම රජය භාරගතයුතුයි.” යනුවෙනි.“







