අවුරුදු 12 – 15 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට එන්නත් කමිටුවේ අවසරය හිමි ඇති බැවින් වහාම එන්නත ලබා දිමට කටයුතු කරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සදහන් කරයි.
එන්නත ලබා දෙන දින වකවානු තවම ප්‍රකාශයට පත් කර නොමැති බැවින් ඉදිරියේදී අදාළ දිනයන් ප්‍රකාශයට පත් කිරිමත් සමග දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දිමට ඉක්මනින් කටයුතු කරන්නැයි විශේෂඥවරයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
එන්නත ලබා දුන්නද දරුවන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශන් අනුගතව පාසල් යැවිමට ඉඩලබා දෙන්නැයිද ඉදිරියේදී එළඹෙන උත්සව සමය තූළ දරුවන්ව අනවශ්‍ය ලෙස ගමන් බිමන් රැගෙන නොයන ලෙසද ඉල්ලා සිටියි.
පාසල්කටයුතු හැරුණු කොට විෂය බාහිර කටයුතු වන විවිධප්‍රසංගයන්, ක්‍රීඩා කටයුතු වැනි සාමුහිකව සිදුකරන ක්‍රියාකාරකම්වලට තවමත් අවසර හිමි නොවන බවද හෙතෙම පෙන්වාදේ.
තවද වයස අවුරුදු 16 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ඉදිරි කාලයේදී සිදුකරනු ඇති බවද වෛද්‍ය චන්න ද සිල්වා මහතා සදහන් කරයි.







