සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2020 කුජීත වෙන්න පැරදිලා ඉද්දි එෆ්.බී. එකේ පළවුන මාතර පොලේ වඩේ බදින හඳුන්ගේ ෆොටෝ එක හඳුන්ලව ගෙනාපු දුර…

by editor
ඔක්තෝබර් 31, 2024
in පුවත්
අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා - සුනිල් හඳුන්නෙත්ති කියයි!
Share on FacebookShare on Twitter

2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හෝ ලබා ගත නොහැකි වූ අවසථාවේ තමන් මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන පින්තූරයක් සමග ප්‍රකාශනයක් ෆේස් බුක් පිටුවල වේගයෙන් සංසරණය වූ ආකාරය සිහිවන බවත් තමන් ඇතුළු කණ්ඩායම දිරිමත් වූයේත් ශක්තිමත් වූයේත් එම සංස්කරණය කළ ඡායාරූපයෙන් බවත් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති පැවසුවේය.

” ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.” හඳුන්නෙත්ති කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මාතර උයන්වත්තේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රධාන ජන රැළිය අමතමිනි. එහිදී සුනිල් හඳුන්නෙත්ති මෙසේ ද පැවසුවේය.

මාතරින් වාර්තාවක් තියලා ඉහළම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. දකුණු පළාතෙන් පළමු වතාවට සිංහල සිංදු කියන කිරිල්ලිය, සරෝජා පෝල්රාජ් සහෝදරිය දමිළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවනවා. ඒ වගේම වැලිගම විතරක් නොවෙයි, මාතර දිස්ත්‍රික්කයේම ආදරය දිනාගත් ඉල්ලියාස් සහෝදරයා සියලුම තරුණ ජනතාවගේ ආදරය දිනාගනිමින් ඉදිරියට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම සහෝදරත්වය සහ ආදරය දිනා ගැනීමේ නියෝජිතයන් වේදිකාවේ ඉන්නවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කුමරප්පෙරුම සහෝදරයා මුලදී අකමැති වුණත් අපි බලෙන් අරගෙන ගැටගහලා යන්න නොදී තියාගත්තා. ඒ වගේම අවුරුදු දහයක් පහළොවක් සහ ඊට වැඩි බොහෝ කාලයක් පුරා අපි පිටිපස්සේ ඉඳන් ගැම්ම දුන්නු බොහෝ පිරිසක් නියෝජනය කරමින් වරදාන වරප්‍රසාද කිසිවක් නොතකා කටයුතු කරමින් සිටිනවා. අපි හැමෝම දකින සිහිනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හැමදාමත් සටන් කළ විශාල පිරිසක් අප පිටුපසින් නොසැලී ඉන්නවා. 2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් අපට එක් මන්ත්‍රී ධුරයක්වත් ගන්න නොහැකි වූ අවස්ථාවේ මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන මගේ පින්තූරයක් සහිත පොස්ට් එකක් ෆේස් බුක් එකේ දමා තිබුණා. ඔහුගේ එම පෝස්ට් එකෙන් තමයි අපි ධෛර්යය සහ ශක්තිය වඩාත් වැඩියෙන් ගත්තේ. ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.

මාතර දිස්ත්‍රික්කයට පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් තරක කරනවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ කාර්යාල නැහැ. ජන හමු නැහැ. රැස්වීම් නැහැ. හැමදෙයක්ම තිබෙන්නේ මාලිමාවෙන් විතරයි.

හිටපු කැබිනට් ඇමතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට, ඒ අයගේ පුතාලාට කිසිම ජන හමුවක් පවත්වන්න හැකියාවක් නැහැ. කථානායකලා සහ ඒ අයගේ පුතාලත් ඉන්නවා. ඒ කිසිවෙකුටත් ජනතාව අතර ඉඩක් නැහැ. ඒ නිසාම සමහර අය ජාතික ලැයිස්තුට පැනලා ඉන්නවා. ඔවුන්ගේ දේශපාලනය අවසන් කරන කොට ජාතික ජන බලවේගය වැඩ ආරම්භ කර තිබෙනවා.

නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයේ සමහර ගීත අහනකොට අපේ මේ ජීවිතයේදී යථාර්ථයක් කර ගත හැකිවේ යැයි කවදාවත් හිතුවේ නැහැ. අපි දේශපාලනය ආරම්භ කළේ අප විසින් පවරා ගත් කොටස අවසන් කරන්න. සුනිල් ආරියරත්නයන් ලියූ අවසානයේ තිබෙන්නේ “අප සම බිමක රඳවන සොහොයුරානෝ – රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ” කියලයි.

එදා 87/90 කාලයේ දඟගෙයි දැමූ වදකාගාරවල අනේක විද දුක්විඳි සහෝදර සහෝදරියන් ඇතුළු මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාව අප සම බිමක රඳවන පළමු පියවර තබා තිබෙනවා. ඒ සියලු ජයග්‍රහණ අත්කර දුන්නේ මේ ජනතාව. බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශ කළ, ලෝකය ඉදිරියේ අවමානයට පත්වූ රටට අද ආඩම්බරයක් ගෞරවයක් සහ බලාපොරොත්තුවක් දී තිබෙනවා.

ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය බලය පෙන්වා දැන් ටෙලි නාට්‍යවලට අමතරව ප්‍රවෘත්තිත් බලන්න පටන්ගෙන තිබෙනවා. ජනතාව ජනාධිපතිවරණයට ගැහුව කතිරයෙන් පාර්ලිමේන්තුව සුද්ද වීම ආරම්භ වී හැට ගණනක් ස්වේච්ඡාවෙන් ඉවත්වී සිටිනවා.

දැන් තිබෙන්නේ තුන්දෙනෙකුගේ ආණ්ඩුවක්. නොවැම්බර් 14 වැනිදා ඒ තුන්දෙනාට අමතරව ශක්තිමත්ම කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ.

පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න බැරි වුණු අයට මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න ඕනෑවටත් වඩා හේතු දැන් නිර්මාණය කර තිබෙනවා. මාලිමාවේ හොඳම උගතුන් බුද්ධිමතුන් සහ දක්ෂයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉදිරි සති දෙකේදීත් අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු වෙනවා.

විශේෂයෙන්ම මාතර ජනතාවට ආශිර්වාදයක් ලෙස ගිං-නිල්වලා යෝජනා ක්‍රම යොදාගෙන සංචාරක සහ ධීවර කර්මාන්තයත් ඉහළටම ගොඩනංවමින් රට පොහොසත් කරන ආර්ථිකයේ විශාලතම පංගුව මාතර දිස්ත්‍රික්කයෙන් ලබදෙනවා. අපේ ඉතිහාස කතාව ලියන දවසක 2024 වන විට පාපතර පාලකයන් නිසා ඖෂධ විෂ වී ජනතාව මිය යමින් සිටි අවස්ථාවක ජනතාව එකතු වී නව පුනරුද යුගයක් ආරම්භ කළ බව අභිමානයෙන් ලියාවි. අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා. වාර්තාගත ජයග්‍රහණයකින් මාලිමාව දිනවන්න හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළේ නෑ… මගේ කලින් නායකයා වුනත් රනිල්ට කිව යුත්තේ ගෝත්‍රික දේශපාලනයෙන් දැන්වත් ඉවත් විය යුතු බවයි… දිළුම් කියයි…

Next Post

මම පහන් පත්තු කළා… මාලිමාව නිවන් දකින්න යනවා… රජයේ සේවක පඩි වැඩි කරන්නේ නැතිනම් මාලිමාවට ඡන්දය දෙන්න එපා… රනිල් නුවරදී කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.