බස් සංගම් සිය අකමැත්ත පළකර තිබුණ ද ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම බස් ගාස්තු සංශෝධනයට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණි.
මෙම ගාස්තු අඩුකිරීමට බස් සංගම් සිය විරෝධය පළ කළ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවය.
ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවද ගැමුණු විජේරත්න පැවසීය.







