අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 සම්පූර්ණයෙන් දෙන බව ජනපති උතුරට පොරොන්දු වෙයි…

by editor
ජනවාරි 15, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.  

ජනාධිපතිවරයා  මේ බව ප්‍රකාශ කළේ යාපනයේ තෛපොන්ගල් උත්සවයට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලගැන්වීමට සැලසුම් කරන්නේ එය උතුරේ ප්‍රශ්නයකට පමණක් ලඝු නොවන නිසා බවය.

උතුරෙන් පමණනක් නොව දකුණේ මහ ඇමතිවරුන් ද මෙම 13 වැනි ව්‍යවස්ථා සංශෝධණය බලගන්වන ලෙස තමන්ගෙන් ඉල්ලන්නේ යැයි ජනාධිපතිවරයා කීවේය.

ඊලඟ වසර දෙක තුළ මෙම කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන්නට ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ආරාධනා කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. “ ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. 

අද මේ උත්සවයේ දී විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් සිදු කළ රාමනාදන් සෞන්දර්ය පීඨයේ ශිෂ්‍යයින්ට මම මගේ ප්‍රශංසාව පළ කරනවා. එය උසස් මට්ටමේ නාට්‍යයක් කියලා මම කියන්න කැමතියි. නාදසලාම් තූර්ය වාදන කණ්ඩායමත් සාම්ප්‍රදායික දැනුම අනුව තම ඉදිරිපත් කිරීම් කළා. ඒ සියලුදෙනාටත් මම මගේ ස්තූතිය පිරිනමනවා.

මේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ හැකි මට්ටමේ සිටිනවා. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ලෙස අපි ආඩම්බර විය යුතුයි. අද දහවල් අපි තීරණය කළා ගාල්ලේ පැවති කලා උළෙල වගේ එකක් යාපනයේදීත් පැවැත්වීමට. අපි අලුත් දෙමළ සංස්කෘතියක් බිහි කර තිබෙනවා. අපි එය ලෝකයට පෙන්විය යුතුයි. මේ උළෙලේ සංස්කෘතිකාංග අවසන් වුණේ සිංහිඳියාවෙන්.
සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ

අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත ගමන් කළයුතුයි.

මම දුටුවා මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා පොංගල් එනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බදුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.

උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු, සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.

මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතින්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.

මීට සති 03කට පෙර මම හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍ය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා හමුදාපතිවරයා කිව්වා. මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.

ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.

ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා.

යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.

අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.

අපේ රදගුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපි එම කතෝලික සහ හින්දු දේවස්ථාන හදලා දෙන්න පියවර ගන්නවා. අවුරුදු සිය ගණනක සිට පැවැත්වු පූජා තිබෙනවා, අලුතින් ආරම්භ කළ ඒවා තිබෙනවා. අපි ඒ සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වස‍ර දෙකේ දී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිදුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවේ. තවත් ප්‍රශ්න තිබෙනවා සාකච්ඡා කරන්න. මේ රැස්වීමෙන් අනතුරුව මම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුනුත්, පාර්ලිමේන්තු පක්ෂ නායක‍යින් කැඳවා එම සාකච්ඡාවල දෙවන වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සමාජයට සම්පූර්ණයෙන් අන්තර්ගත කරලා ඔවුන්ටත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව භුක්තිවිදින අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙනවා. රටට විදේශ විනිමය උපයන මේ විශාල කණ්ඩායම කොන් කරන්න බැහැ. අනිත් අය සමඟ එක් කළ යුතුයි.

මුස්ලිම් මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ අයත් ගෙන්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුයි. දෙමළ, මුස්ලිම් අයට පමණක් නොවෙයි සිංහල අයටත් ප්‍රශ්න තිබෙනවා. කොන් වුණ ගම්මාන තිබෙනවා. සමහර තැන්වල කුල භේදය බලපා තිබෙනවා. දුප්පත් ජන කොටස් කොන් වී තිබෙනවා. තමන‍්ගේ ආරක්ෂාව ගැන ක්‍රිස්ත්‍රියානි ජනතාව බියෙන් පසුවෙනවා. ඒවා ගැන කතා කරන්න සමාජ සාධාරණ කොමිසමක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේවා ගැන කතා කරලා ශ්‍රී ලාංකීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කරමු කියලා මම සියලුදෙනාට කියනවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිප යේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වේ….

Next Post

මෙහෙව් ක්‍රිකට් යළි දෑසට නොපෑ යුතු…..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.