ජනාධිපති නීතිඥ ෆයිස්ර් මුස්තාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය, මැද කොළඹ ප්‍රධාන ආසන සංවිධායක ධූරය, හා කොළඹ දිස්ත්‍රික් නායක ධූරය ඇතුළු පක්ෂයේ ඔහු දරන සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.
මෑත කාලයේ දී පක්ෂයේ නායකත්වය විසින් පක්ෂයේ ප්‍රගමනයට හේතුවන නිසි දේශපාලන තීන්දු අත්‍යාවශ්‍ය අවස්ථාවලදී නොගැනීමත්, මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීන්දු අත්තනෝමතික ලෙස වෙනස් කිරීමත්, ස්ථිරසාර ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාවේ නොයෙදීමත් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාධරයෙක් ලෙස තවදුරටත් තනතුරු හෝ වගකීම් දැරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඔහු ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිඛිතව දන්වා ඇත.
එවැනි දේශපාලනයකට කාලය මිඩංගු කරනවාට වඩා තම නීතිඥ වෘත්තියේ යෙදීම ඵලදායී බව ෆයිසර් මුස්තාපා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ෙෆයිස්ර් මුස්තාපා හිටපු ජනාධිපතිවරයාට යැවූ ලිපිය පහත දැක්වේ.