ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී තවත් පෙරළියක් සිදුවී ඇත. 2023 ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් සිම්බාබ්වේ කණ්ඩායමත් විසිවී ගොස්ය.
මින් පෙර ඒ අයුරින් හැලී ගියේ කලක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. දැන් සිම්බාබ්වේය. ටෙස්ට් ක්රීඩා කරන රටවල් දෙකක් ලෝක කුසලානයෙන් ඉවත් වෙද්දී ටෙස්ට් ක්රීඩා නොකරන රටක් ලෝක කුසලානයේ 10 වැනි කණ්ඩායම ලෙස ඉදිරියට ඒමට නියමිතය.
සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි වටයේ තරගයට පැමිණියේ අපරාජිතවය. ශ්රී ලංකාව හමුවේ පරාජය වූ සිම්බාබ්වේ කණ්ඩායමට අද ස්කොට්ලන්තය සමග තරගය තීරණාත්මක විය. ස්කොට්ලන්තය සිටියේ තුන්වන තැනය. සිම්බාබ්වේ කණ්ඩායම සිටියේ දෙවැනි තැනය. එක්දින ලෝක කුසලානයට සහභාගී වීමේ දහ වැනි රට බවට පත්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම අද තරගය ජයග්රහණය කළ යුතුව තිබිණි.
එහෙත් ස්කොට්ලන්තය තරගය ජය ගත්තේය. තව එක් තරගයක් සහිතව දැන් ස්කොට්ලන්තය දෙවැනි තැනය.
දැන් තියන තත්ත්වය අනුව 10 වැනි ස්ථානයට පත්වනු ඇත්තේ ටෙස්ට් ක්රීඩා නොකරන ස්කොට්ලන්තය හෝ නෙදර්ලන්තය ය.
අද පැවති තරගයේ දී කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කඩුළු 08ක් දැවී ලකුණු 234ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 41 පන්දු 01ක් තුළ සියලුදෙනා ලකුණු 203කට දැවී ගියහ.
තරගය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 31කින් ජය ගත්තේය.