දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිකරන ලද යාපනය – කන්කසන්තුරේ නවීන මගී පර්යන්තය වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාඅගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ඉන්දියාවේ සිට සංචාරකයින් පිරිසක් රැගෙන පැමිණි කෝර්ඩේලියා (Cordelia) නැමති නෞකාව කන්කසන්තුරේ වරායට පැමිණීමත් සමගම නව මගී පර්යන්තය විවෘත කෙරුණි.
එම නෞකාවෙන් පැමිණි පිරිස පිළිගැනීමද නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා අතින් සිදු වූ අතර නැවේ කපිතාන්වරයාට සමරු තිළිණයක් පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදු විය..
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත මගී බෝට්ටු සේවාව ආරම්භ වීමෙන් පසුව බෝට්ටුවලින් පැමිණෙන ජනතාව සඳහාද ප්‍රයෝජනයට ගැනීමාට් හැකි වන පරිදි මෙම මගී පර්යන්තය සකසා තිබේ.
නව මගී පර්යන්තයට අමතරව එම ප්‍රදේශය තුළ මගීන්ට අවශ්‍ය සෙසු පහසුකම් වැඩි දියුණු කිරීම සදහාද ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවර්ධන කටයුතු රැසක් දියත් කොට ඇත.







