යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ආසන්නයේ දී ඊයේ (17) සවස ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කාර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් මෙම පුද්ගලයින්ට වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇත.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන් අවුරුදු 33 සහ 43 වයස්වල පසුවන හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.







