විනෝද චාරිකාවක් ගොස් සිටියදී ඊයේ (17) දහවල් කාලයේ දී බඹරකන්ද ඇල්ල දිය ඇල්ලෙන් පහළට ඇද වැටී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ සිව් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 24 හැවිරිදි සසංක විකුම් විතාරණ නැමැති සිසුවෙකි.
මිය ගිය සිසුවා බඹරකන්ද ඇල්ල නැරඹීමට තවත් පිරිසක් සමග විනෝද චාරිකාවට සහභාගි වී සිටියදී පය ලිස්සා ඇල්ලේන් උඩ කොටසේ සිට පහතට ඇද වැටී ඇත.
මිය ගිය සිසුවා බෙලිහුල්ඔය පඹහින්න සමනල වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සිසුවාගේ මෘත ශරීරය දියතලාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







