සුජිත් හේවාජූලිගේ
ශ්‍රි ලංකාවේ පවුලක මාසික වියදම රුපියල් 76,124ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික සහ සංඛ්යාලේඛණ අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුනේ රුපියල් 63,870ක පමණ අගයක බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදමින් සියයට පනස් තුනක්, එනම් රුපියල් 40,633ක මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සපයා ගැනීම සඳහාය.
ඉතිරි රුපියල් 35,492ක මුදල ( මුළු වියදමින් සියයට 47ක්) වැය වන්නේ ආහාර නොවන අවශ්යතා සඳහාද වෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 60ක ගේ මාසික ආදායම 2022 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ පහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛණ සඳහන් වන්නේ යැයි පවසන මහාචාර්ය අතුකෝරල විවිධ රැකියා කරන ශ්‍රම බලකායෙන් සියයට විස්සකට ආසන්න පිරිසකගේ ආදායම සියයට පනහකින් අඩු වී ඇති බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පවුල්වල අහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදල්වලින් වැඩිම ප්‍රාමණයක් වැය කිරීමට සිදුව ඇත්තේ ණය ආපසු ගෙවීම් සඳහා බවත්, එය ආහාර නොවන වියදම්වලින් සියයට 23ක් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
මේ වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 11.5ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තාවීම හේතුවෙන් මේ උද්ධමනකාරී තත්ත්වය මතුව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ඉරිදා ලංකාදිප –