මහත් සංචාරක ආකර්ශනයක් සහිතව මින්නේරිය ජාතික උද්‍යානයේ හා රිටිගල ආශ්‍රිතව සැරිසැරූ ‘‘කෝලිත‘‘ නම් දළ ඇතාට වෙඩි තබා මරා දළ යුගළය කපා ගෙන ගොස් ඇතැයි රිටිගල වනසත්ව අඩවි කාර්යාලය කියයි.

හුරුළු වන රක්ෂිතයේ අඹගස්වැව ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද කෝලිතගේ සිරුර වනජීවී නිලධාරීන් සොයාගෙන ඇත.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පොලිසියට ද පැමිණිලි කර තිබේ. මෙම ඝාතනය සම්බන්ධව වනජීවි කාර්යාලය විසින් හබරන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්බ කර තිබේ.
වයස අවුරුදු 15ක් පමණ වන මෙම දළ ඇතාට අඩි 02ක පමණ දිගකින් යුත් හොදින් වැඩෙමින් පැවැති දළ යුගළයක් හිමිකම් තිබී ඇති බව වනජීවි නිලධාරීහු පැවසූහ.










