රාජ්‍ය නිලධාරියෙක් වූ මාතලේ දිස්ත්‍රික් ඩිපෝ කළමනාකරු විසින් ගනුලැබූ රාජකාරිමය තීරණයකට කිපුන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක අමු තිත්ත කුණුහරපයෙන් එම නාලධාරියට බැණ වදින ආකාරයේ හඬ පටයක් නිකුත් වී තිබේ.
මාතලේ රත්තොට රිවස්ටර්න් හරහා ලග්ගල වැලිගම මහියංගනය දක්වා දිවෙන මාර්ගය සඳහා නව බස් රථයක් ලබා දීම මෙම තිත්ත කතාවෙන් බැණවැදීමට පාදක වූ හේතුව බව හෙළි වී ඇත.
තමන්ගේ රත්තොට ආසනයේ ඇති බස් රථ ආසනයෙන් පිට ධාවනය කිරීමට සැලැස්වීම මෙම නිලධාරියාට තිත්ත කතාවෙන් බැනුම් අසන්නට සිදුවූ අපරාධය වී තිබේ.
රෝහණ දිසානායක අමු තිත්ත කුණුහරප සහිව බනින එම හඬ පටය පහත දැක්වේ. රෝහණ දිසානායක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිතුමාය. ඔහු පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකි.









