බොරැල්ල, ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 53 හැවිරිදි පුද්ගලයා තුවාන් එල්.ටී.ටී. සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් බවත්, ඔහු තුවාන් මුතාලිෆ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් වූ පුද්ගලයෙක් බවත් විමර්ශන අංශ පවසයි.
අද පෙරවරු 6ට පමණ මෙසේ ඝාතනය වන්නේ ඉදුරුගොල්ල විදානආරච්චිගේ සංජීව නැමැති 54 වැනි වියේ පසුවන කැලණියේ පදිංචි කරුවෙකි.
යතුරුපැදියකින් පැමිණ මේ මේ පුද්ගලයාට වෙඩි තැබූ නාඳුනන ඝාතකයින් දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර බිම වැටුන තුවාල කරු අසලට පැමිණ උණ්ඩ 27ක් අවසන් වනතුරු ඔහුට වෙඩි තබා අනතුරුව පලාගොස් ඇත.
ඝාතනය වූ පුද්ගලයා කලක් හිටපු අමාත්‍යවරයෙක් වූ සුසිල් මුණසිංහගේ ලේකම් වරයෙක් ලෙස කටයුතු කර තිබේ. එවකට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙස ද යම් භූමිකාවක් සිදුකර ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී සිංහල පුවත්පතක් වූ දේදුන්න පුවත්පතේ ද ඔහු සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කර ඇත.
මෙම පුද්ගලයා ඝාතනය වන්නේ රණවිරු සැමරුම යෙදී තිබුණ දිනයට පසුවදා වීමද විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.
කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.









