ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් කිසිසේත් පවතින රජය සමග එක් නොවන බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
ජාතික ආණ්ඩුවකට එක්වීම සඳහා අප්‍රේල් 25 වැනි දින පාර්ලිමේන්තුවට ඒකාබද්ධව යෝජනාවක් ඉදිරිපත් කරන බවට තමන් උපුටා දක්වමින් පළ වූ ප්‍රවෘත්තිය සපුරා අසත්‍යයක් බවත් එහි අන්තර්ගතය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් මනෝ ගනේෂන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
2/2: Tamil Progressive Alliance (#TPA) being a component party of the opposition SJB Alliance continue to remain as such. Our Politburo has not met nor discussed or arrived at any decision to be part of any government, national or otherwise. #ManoGanesan
— Mano Ganesan (@ManoGanesan) April 19, 2023
දෙමළ ප්රගතිශීලී සන්ධානය ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයේ සන්ධානගත පක්ෂයක් ලෙස දිගටම සිටින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තවදුරටත් කියයි.
“අපේ දේශපාලන මණ්ඩලය රැස්වී හෝ සාකච්ඡා කර හෝ ජාතික හෝ වෙනත් රජයක කොටස්කරුවන් වීමට කිසිදු තීරණයකට පැමිණ නැත.” ඔහු සිය ට්විටර් පණිවිඩයේ තවදුරටත් කියා සිටී.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමට තමන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා උත්සාහ ගත් නමුත් විපක්ෂ නායකත්වය ඒ සම්බන්ධව උනන්දු නොවීම නිසා එම උත්සාහය අත්හැර දැමූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මින් පෙර පවසා තිබිණි.







