එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව ඉදිරියට පැමිණ තිබේ.
එම වාර්තාවලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.
රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කළේ වර්ෂ 1950 දී ය.
එදා සිට අවුරුදු 73කට තෙක් ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී චීනයේ ජනගහනය අඩු වී තිබේ.
කෙසේ වෙතත් 2011 වසරෙන් පසුව ඉන්දියාව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.