සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොදින් හෝ නරකින් ආර්ථිකය හදලා  රටත් හදලා  ජනතාවත් ගොඩ දානවා… බය නැතිව තීන්දු ගන්න ජනපති ඒ සඳහා මග කියනවා… මනුෂ නානායක්කාර…

by editor
ජනවාරි 1, 2024
in පුවත්
manusha
Share on FacebookShare on Twitter

හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට  කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ  මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන්  අද (01) දින අමාත්‍යංශ පරිශයේ පැවති ප්‍රතිඥා දිමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මෙම වසර තුලදී අමාත්‍යංශයේ කටයුතු පෙර වසර මෙන්ම ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය.

ඉකුත් වසර තුළදී අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට පියවර ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වාර්තමානයේ මෙරට සාර්ථකම අමාත්‍යාංශය බවට පත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට හැකියාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුගිය කාලයේදි මෙරට තුළ ඉතා විශාල ප්‍රගමණයක් සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයද ඉතා සාර්ථක වර්ෂයක් බවට පත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය.

මෙරට තුළ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය වෙනස් කරමින් සාධනීය තත්ත්වයකට අමාත්‍යංශ්‍ය සහ රට පත් කරගැනීමට සියලුම  රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් කැපවී කටයුතු කර තිබෙන බවත්, එහි ප්‍රතිඵල අදවන විට භුක්ති විඳිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසරේදි කතා කළ සහ කතා කිරීමට තිබුණු මාතෘකාවන් අදවන විට කතා කිරීමට අවශ්‍ය නොවන මාතෘකාවන් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා මීට වසර දෙකක පෙර කතා කළ මාතෘකා අදවන විට හුදෙක් මතකයක් පමණක් වී තිබෙන බවද සිහිපත් කළේය.

ගත වූ කාලයේදී ආර්ථිකව කඩාගෙන වැටුණු රටවල් තවමත් දැඩි අර්බුදයක සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට සාර්ථකව නැගී සිටීමට හැකියාව ලැබුනු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගත් ඇතැම් රටවල් තවමත් සිය ආර්ථිකයන් යථා තත්ත්වයට පත් කරගැනීමට නොහැකිව සිටියද මෙරටට  ඉන් මිදීමට හැකියාව ලැබී තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුල  අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වී තිබුණද  අදවන විට එම තත්ත්වය  ඉතා සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැකියාව ලැබි  ඇති බවත් මේවන විට උද්ධමනය තනි ඉල්ලක්කම අගයක් දක්වා පහතට ගෙන ඒමටද හැකියාව ලැබී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉකුත් කාලයේදී මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ අගයක පැවතුනද  මෙම වසරේ මුල් කාර්තුව තුලදිම ඉතා වේගතවත් ධනාත්මක ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටද අමාත්‍යවරයා සිය විශ්වාස පළ කළේය.

දේශපාලඥයින් වශයෙන් තමන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන සියලුදෙනා පක්ෂ පාට පැත්තකට දමා දේශපාලනික වශයෙන් ඉතාම නීරස තීන්දු ගැනීමට පසුබට නොවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

උපයන විට බද්දේ සිට රාජ්‍ය සේවකයින්ට සහ සියලුම ජනතාවට ඉතා සංවේදී කරුණු සම්බන්ධයෙන්ද  දැඩි තීන්දු ගැනීමට පියවර ගත් බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම තීරණ ගැනීමට සිදුවූයේ මෙරට පවතින විෂම චක්‍රය අවසන් කිරීමේ අරමුණ ඇතිව බවද පෙන්වා දුන්නේය.

හොදින් හෝ  නරකින් මෙරට මුහුණ දී ඇති අභියෝගාත්මක තත්ත්වයෙන් රට මුදවා ගැනීමට කටයුතු කරන බවත් එහිදී ආර්ථික ශක්තිමත්ව වර්ධනය  කරමින්, ජනතාවට වඩා යහපත් හෙටක් බිහි කිරීමට කටයුතු කරන බවත් ඊට නොබියව තීන්දු ගැනීමට තමන් කිසිම අවස්ථාවක පසුබට නොවන බවත්  අමාත්‍යවරයා අවධාරණය කළේය.

නොබියව රට ගොඩ නැගීමට තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ලබාදී ඇති බැවින් එම මඟ පෙන්වීම යටතේ මෙම වසරේදී පෙරටවත් වඩා කැපවීමකින් සියලුදෙනාගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුබ අලුත් අවුරුද්දක්… ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 685කින් නගී!

Next Post

ජනපති, කාර්ය මණ්ඩලය සමඟ නව වසරේ රාජකාරී අරඹයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.