අද සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් අද (01) සිට ඉහළ යන බව ලිට්‍රෝ ලංකා සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව රුපියල් 3565ක මිලකට තිබුණු කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රු. 4,250 කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 276කින් මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව රුපියල් 1431ක මිලකට තිබූ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රුපියල් 1707කි.
කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 127කින් ඉහළ ගොස් තිබේ. රුපියල් 668කට තිබූ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 795 කි.







