මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. කෙසේ වෙතත් ස්වසන රෝගීන් තව දුරටත් මුව ආවරණයක් පැළඳීම සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් වසංගත තත්ත්වය ක්‍රමිකව අඩු වී යෑම මෙම තීන්දුව ගැනීමට හේතු වී ඇත. මින් පෙර අවස්ථා කීපයක දී මෙම තින්දුව ගැනීමට උත්සාහ කළ ද එය පැවති තත්ත්වය අනුව වැලකී ගියේය.