ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.
පනතට පක්ෂව 120 දෙනෙකු ඡන්දය භාවිතා කළ අතර විරුද්ධව ඡන්ද 36 ක් හිමිවූයේය. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.
විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධනය වූ මෙගාවොට් 10ට අඩු මිලදී ගැනීම් සඳහා පමණක් ටෙන්ඩර් පටිපාටිය නොසලකා හැරීමටත් 10ට වැඩි මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමටත් වූ යෝජනාව කාරක සභා අවස්ථාවේ දී සලකා බැලීමට යෝජනා විය.







