මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ නව දේශපාලන ගමනක් ඇරඹීමට සැලසුම් කර ඇත.
පොදු ජන පෙරමුණ සම්බන්ධ වූ දේශපාලන සන්ධානක් ගොඩනාග එහි සමාජික පක්ෂ සහ කණ්ඩායම් මීලඟ මැතිවරණවලට ඉදිරිපත් කිරීම එහි අරමුණ වී තිබේ.
නව දේශපාලන සංධානයට මෙරට විවිධ වෘත්තීන්වලට අයත් තරුණ කණ්ඩායම් ඒකරාශී කරගැනීමට සැලසුම් කර ඇති අරත ධුරයෙන් ඉවත් වීමට පෙර සිට එම සාකච්ඡා ආරම්භ වුණු බවත්, මේ වනවිට බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇති බවත් ලංකාසරට තොරතුරු වාර්තා විය.
සාකච්ඡාවලට සහභාගී වූ පිළිගත් වෘත්තීයවේදියෙක් ප්‍රකාශ කළේ මීලඟ ජනාධිපතිවරණයේ දී රටේ ප්‍රබලතම දේශපාලන සන්ධානය ගොඩනැගීම ඔහුගේ අරමුණ වී ඇති බවය.
බැසිල් රාජපක්ෂගේ නව සන්ධානය සමග එකතු වීමට ආණ්ඩුවේ සිටින තරුණ මන්ත්‍රීවරු සහ විපක්ෂයේ තරුණ කොටස් මේ වනවිටත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට පැවසේ.
රටේ ජනතා අපේක්ෂාවන් නොපෙන්වන නමුත් කිසිවෙක් අපේක්ෂා නොකරන දේශපාලන පෙරළියක් සමග දේශපාලන නායකයින්ගේ එකතුවක් මෙම සන්ධානය වටා එක්වනු ඇති බවට මත පලවෙමින් ඇත. මේ සඳහා දැවැන්ත ව්‍යාපාරිකයින් කීප දෙනෙක් විශාල ධනයක් යෙදවීමේ සැලසුමක් ඇති බව ද වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ වෙනුවට ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු ආගමනය මේ සැලසුමේම කොටසක් විය හැකි බව අභ්‍ය්‍යන්තර ආරංචි මාර්ග කියයි.