“නොදන්නා ටිංකිරි වලට කහින බයියන්ගේ දැන ගැනිම පිණිස, හෙට සිට පොලිසීයට හමුදාවෙන් කෑම…“ ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියෙක් වූ විශ්‍රාමික ජෙනරාල් චාගි ගාල්ලගේ සිය සමාජ මාධ්‍ය ගිනුමෙහි පළ කල සටහනක් සම්බන්ධව මේ වනවිට දැඩි විරෝධයක් මතුවෙමින් තිබේ.
චාගි ගාල්ලගේ සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සටනට අද පෙරවරු 8.30 වනවිට ප්‍රතිචාර 396ක් ලැබී තිබිණි. ඉන් ඔහුගේ ප්‍රකාශයට යම් තරමින් හෝ අනුකූලතාවයක් දක්වන ප්‍රකාශ පලවී ඇත්තේ 06ක් පමණි.
විශ්‍රාමිත ජනරාල් චාගි ගාල්ලගේ කළ මෙම ප්‍රකාශට මෙවැනි ප්‍රතිචාර ලැබී තිබිණි.
“ හමුදාව වගා කරලා හම්බ කරපුවයෙන්ද කෑම දෙන්නෙ…“
“ යුද්දෙ ඉවර නිසා දැන් හමුදාවෙ අය පොලිසියෙ කුස්සිවල ද වැඩ…“
“කෑම උයන්න ගෑස් තියෙනවද? අල ලූණූ එහෙම දාලද කෑම උයන්නෙ? කෑම බෙදන්න ඩීසල් ටිකක් දෙන්නද? “
“ පලවෙනි පාරට මට මෙහෙම හිතෙනවා.. උතුරෙදි හැසිරුණු විදිහ හිතාගන්න පුලුවන්…“
“ ඊයා… තමුන්ගෙ හැසිරීම“
“අපිට ඔයා ගැන හරි ගෞවරවයක් තිබුනා හැබැයි මෙ වාගේ මොඩයෙක්ට තාම කඩේ යනවා කියලා හිතුවේ නැහැ. ඔයා ඉස්කොල පොඩි ලමයිට ත්යන දැනුමවත් ඔයාට නැහැනේ“
“හදිසි නීතිය අයින් කරල තියෙන්නෙ දැන්… කෑම ටික පස්සෙ දවසක බෙදනකල් ෆ්‍රිජ් එකේ දාල තියාගන්න“
“යුධ පෙරමුණේ හිටි යුධ නායකයන් බොහෝ දෙනාට සිවිල් සමාජයට එන්න කලින් ඒ සඳහා හුරු කරවීමේ වැඩ සටහනක් කල යුතුව තිබුණ. ජගත් ඩයස් මහත්තය වගේ extreme උදාහරණයක් හැර බොහෝ දෙනාට තාම සිවිල් සමාජයෙ හැසිරෙන්න අවබෝධය මදි… ජීවමාන උදාහරණ මේ…
“මානව හිමිකම් කේස් මදිදි ලංකාවට. ඉල්ලගෙනමයි කන්නෙ“
මේ කතාව කියවන්න…
උද්ඝෝෂණය මැදට කඩා වැදුණු හමුදා යතුරුපැදි නැවැත්වූ පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ!








