ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර මහ රෝහලේ හෘද කැතීටර් යන්ත්‍ර බිඳවැටීම හේතුවෙන් පොරොත්තු ලේඛණය මාස 8ට වැඩි කාලයක් දිග්ගැස්සී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් හෘද රෝගීන් විශාල පිරිසකගේ ජිවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
එන්ජියෝග්රෑම් පරික්ෂණ මගින් හෘදයේ කිරීටක ධමනිවල පවතින අවහිරතාවන් හඳුනාගෙන බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ත් පරික්ෂාවකට යාම සදහා කැතීටකරණ පරික්ෂාවන් මගින් හඳුනා ගත හැකි බව හෙතෙම පැවසුවේය.
කොළඹ ජාතික රෝහල සතුව පවතින හෘද කැතීටර්කරණ යන්ත්‍ර 3න් එක් යන්ත්‍රයක් බිඳ වැටී ඇති අතර අනෙක් යන්ත්‍රය අර්ධක්‍රියාකාරිත්වයෙන් පවතින බැවින් හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරිම ප්‍රමාද වන බව ද සභාපතිවරයා පැවසුවේය.









