මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති අතර එම මාසය තුළ පමණක් වයස 16ට අඩු ගැහැණු ළමයින් 22 ක් ගැබ්ගෙන ඇති බව පසුගිය 21 වැනිදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව අනාවරණය වූයේ 2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිලිබඳ කාරක සභාව පැවැත්වූ විශේෂ සාකච්ජාවකදීය.
රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාවේදී 2024 වසරේ අයවැය යෝජනා තුළින් අඩු අවධානය යොමුව ඇති, නමුත් සම්පුර්ණ අවධානය යොමුවිය යුතු අංශ ගණනාවක් ගැන මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් කරුණු පෙන්වා දෙන ලදී.
එහිදී කාන්තා සුබසාධනට යොමුව ඇති අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුහු කාරක සභාව දැනුවත් කළහ. පාසැල් ගැහැණු ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා විය.

ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.
ඒ අනුව ළමන් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව සිචිල් සංවිධාන නියෝජිතයින් කරුණු දක්වමින් පැවසුහ.
මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්තිරන්, ගරු රවුෆ් හකීම්, ගරු චන්දිම වීරක්කොඩි, ගරු මයන්ත දිසානායක, ගරු හර්ෂණ රාජකරුණා, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු සිවිල් සංවිධන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.







