සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ ඉන්න කෙහෙළියගේ නමින් නම් කළ පාසල නම නිසා අවුලක… ගුරු සංගම් නඩු යන්න සැරසෙයි…

by editor
අප්‍රේල් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජීවත්ව සිටින පුද්ගලයින් නමින් පාසල් නම් කළ නොහැකිව තිබියදීත් මහින්ද රාජපක්ෂ, සරත් ඒකනායක, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු දේශපාලකයින් රැසක් තම නම් වලින් පාසල් නම් කරගෙන…

ජීවත්ව සිටින පුද්ගලයින් ගේ නමින් පාසල් නම් කළ නොහැකි බව පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ උපදෙස් සංග්‍රහයේ විධිවිධාන මගින් පැහැදිලිව පෙන්වා දී තිබිය දී මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම හා තෙල්දෙණිය අධ්‍යාපන කලාපවල පාසල් තුනකට හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල හා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන අයගේ නම් යෙදීම නීතියට හා පිළිගත් ක්‍රමවේදයට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව දන්වමින් එම විද්‍යාලයන්ට යොදා ඇති දේශපාලනඥයින් ගේ නම් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  නිතීඥයෙකු මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

එම විද්‍යාලයන්ට යොදා තිබෙන දේශපාලනඥයින් ගේ නම් ඉවත් කර පෙර පැවැති නම් වලින් පාසල් පවත්වාගෙන යාමට ක්‍රියා කරන ලෙස සිසු පරපුර වෙනුවෙන් ඉල්ලා සිටින බවත් අදාළ නම් ඉවත්  කිරීමට කටයුතු නොකරන්නේ නම් නීති මගින් කටයුතු කරන බවත් නීතීඥ සමිත විජේනායක   යොමුකර තිබෙන එන්තරවාසියේ දැක්වේ.  මේ

සම්බන්ධයෙන් ගන්නා පියවර සති දෙකක් ඇතුළත දැනුම් දෙන ලෙස ද එහි සඳහන් කර  ඇත.

වත්ගේම අධ්‍යාපන කලාපයේ පිහිටි කුණ්ඩසාලේ ප්‍රාථමික විදුහල මේ වනවිට කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රාථමික විදුහල ලෙස ද තෙල්දෙණිය අධ්‍යාපන කළාපයේ උඩුදුම්බර ප්‍රාථමික විදුහල  සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙසින් ද උඩුදුම්බර මිණිපේ ප්‍රාථමික විදුහල සරත් ඒකනායක ප්‍රාථමික විදුහල ලෙස ද නම් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  පවසයි.

මෙයට අමතරව මහින් ද රාජපක්ෂ   ගේ නමින් ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාසල් නම්කර තිබෙන බවත් අධ්‍යාපන බලධාරීන් චක්‍ර ලේඛනවලට පටහැනිව සිදු කරන මෙම විකාර ක්‍රියා වහා නතර කළ යුතු බවත් ඔහු පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජීවතුන් අතර සිටින පුද්ලයෙකු නමින් පාසලක් නම් නොකිරීමට තීරණය කර තිබෙන්නේ එම පුද්ගලයා මිය යාමට පෙර සමාජයට අවආදර්ශයක් සපයන ක්‍රියාවක කළහොත් එමගින් පාසලට අගෞරවයක් වීම වැලක්වීමට බවත් මේ වනවිට කෙහෙලිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා බරපතළ චෝදනාවකට ලක්ව බන්ධනගාර ගතව සිටින බවත් කී ජෝෂප් ස්ටාලින්   යම් හෙයකින් ඔහු අධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළහොත් කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් හා ඔවුන් ගේ දෙමව්පියන් පත්වන අසීරුතාව අධ්‍යාපන බලධාරීන් තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් ප්‍රකාශ කළේය.

අදාළ එන්තරවාසියේ පිටපතත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත ද යොමුකර තිබේ.

එහි සඳහන් කරුණු සම්බන්ධව අදාළ චක්‍ර ලේඛන විමසා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි පී.එන් විජේරත්න  පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු හතක් තිස්සේ සම්පන්ධන් විපක්ෂ නායක නිල නිවසේ…

Next Post

තලෙයි මන්නාරමේ දස හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමූ සැකකාර ඝාතකයා වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.