දිනසේන රතුගමගේ –
තලෙයිමන්නාරමේදී දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමූ සැකකරු වවුනියාව බන්ධනාගාර නිලධාරීගේ රැකවරණය මත වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට සිටියදී අද ( 4 ) අලුයම පලා ගොස් තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ එම දැරියගේ නිවසේ මෙහෙකරුවකු ලෙස සේවය කළ 55 හැවිරිදි ත්‍රීකුණාමළයේ පදිංචි කරුවෙකි.
එම දැරිය දූෂණය කොට මරා දමා තිබුණේ 2024 පෙබරවාරී මස 16 වෙනිදාය.
සිද්ධියෙන් පසුව තලෙයිමන්නාරම පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත වවුනියාව බන්ධනාගාරයේ රඳවා සිටියදී සිරකරු අසනීප තත්ත්වයක් මත වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබුණි.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත ඔහු රෝහල් ගත කොට සිටි නමුත් වැසිකිලි යාමට ගිය අවස්ථාවේදී ඔහු රෝහලෙන් පලා ගොස් ඇත.
පලාගිය සිරකරු සෙවීම සදහා බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය වවුනියාව නගරය පුරා මෙහෙයුමක් දියත් කොට තිබේ.







