සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ වන විට කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
ජනාධිපති මන්දිරයට ඇතුළු වන ගේට්ටුව අභියසට ගොස් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. විශාල හමුදා සහ පොලිස් ආරක්ෂාවක් අවට යොදවා ඇත.
මෙම ස්ථානයට පැමිණෙන්නැයි ඇය මේ වනවිට ජනතාවට ආරාධනා කර ඇත.







