සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඳගල  විහාරයේ  වස පෙවීමේ සිද්ධිය  වස පෙවුණු බව කියන භික්ෂුවගේම රංගනයක් ද?

by editor
දෙසැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිඳගල රජමහා විහාරයේ  වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට නන්නාඳුනන පුද්ගලයෙක්  විහාර පරිශ්‍රයේ දී බලහත්කාරයෙන් වස පෙවීම දැන් උභතෝකෝටිකයකි.

හිමි නමට වස පොවා පැසිටමෝල් පෙති දෙක්ක ද පෙවූ බව කියන මේ සිද්ධියට සම්බන්ධව    පරීක්ෂණ පවත්වන පේරාදෙණිය පොලීසියට   කිසිදු වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට මේ වනතුරුත් නොහැකි වී ඇත.

මේ වනවිට මේ තරුණ හිමි නමට වස පෙව්වා ද, වස බිව්වා ද නැතිනම් මේ තරුණ හිමියන් කරන්නේ රංගනයක් ද යන්න ද පැහැදිලි නැත. මක්නිසාද යත් දැනගන්නට ඇති  ආකාරයට වෛද්‍ය වාර්තා සාමාන්‍යය. වසක් විෂක් ශරීරගත වූ ආකාරයක් සම්බන්ධව පැහැදිලි සාක්ෂියක් නැත.

වස පෙවීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත්ව  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව කී අත්තරගම ධම්මරතන නම්  මෙම හිමිනම ඊයේ (19) වනවිට සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇත.

ඊයේ තත්ත්වය –

ඊයේ සිද්ධිය වාර්තා වීමත් සමග  ය විහාරාධිකාරී ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති  හිමියන් හමුවීමට මාධ්‍යවේදීහු ගියහ.    උන්වහන්සේ මාධ්‍යයට පවසා තිබුණේ  විහාර භූමියට දින කිහිපයක් තිස්සේ පැමිණි නාදුනන පුද්ගලයෙකු හිමිනමට මෙම වස පෙවීම සිදුකර තිබෙන බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හිමියන් කීවේ වස තිබූ බෝතලය රෝහලට බාර දීමට   පියවර ගෙන ඇති බවය. බලහත්කාරයෙන් වස පෙවීමට ගිය අවස්ථාවේ හිමිනමගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව  ඇති බවත්  රෝහල් ගත කරන අවස්ථාවේ හිමිනම සිහිසුන් තත්ත්වයේ පසු වූ බවත් උන්වහන්සේ කීහ.

“විහාර භූමියට දින තුනක පමණ කාලයක් තිස්සේ නාදුනන පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. ඔහු ඊයේ (18 ) පෙරවරුවේ විහාරස්ථානය පහළ නුග ගස අසළ සිටිනු දහම් පාසැලේ උගන්වමින් සිටි ධම්මරතන හිමියන් දැකලා ඒ  බව මට දැනුම් දුන්නා. හාමුදුරුවො මගෙන් ඇහුවා  ගිහින් කවුද කියලා බලන්න ද කියලා.“

“මම උපදෙස් දුන්නා  ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා.  . එහෙම කියලා  මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි දුරකථනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වසා පොවලා හොඳටම අමාරුයි කියලා. “

“ නුග ගස අසළ සිටි පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙළට පිහියක් තියලා වස බෝතලය පොවා තිබෙන බව තමයි දැන ගන්න තිබෙන්නේ. අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් පතක් ගෙන එයින් පෙති දෙකක් ද ඔහු පොඩි හාමුදුරුවන්ට පොවා තිබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ උන්වහන්සේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. “

උන්වහන්සේ කීවේ එසේය. පේරාදෙණිය පොලිසියේ මේ වග සටහන්ව ඇත්තේත් මේ ආකාරයෙනි. මාධ්‍ය වාර්තා කරනු ලැබුවේත් ඒ පොලිස් වාර්තා පදනම් කරගෙනය.  කෙසේ වෙතත්  මේ සියලුම ප්‍රකාශවලට මුල් වන්නේ වස පෙවූ බව පැවසෙන හිමි නම නායක හිමියන්ට ලබා දුන් තොරතුරුය .

හිමි නමගේ නැටුමක් ද?

දැන් තත්ත්වය වෙනස්ය.  මේ තරුණ  හිමි නම මේ කරමින් සිටින්නේ  රංගනයක් ද යන්න සම්බන්ධ විමර්ශන අංශවලට සැක පහළ වී තිබේ.

හිමි නමගේ  ප්‍රකාශවල අතාර්කික බව සම්බන්ධව මුලින්ම විමර්ශකයෝ නිරීක්ෂණය කර තිබුණහ.

ඒ හිමියන්ට අනුව බලහත්කාරයෙන් නන්නාඳුන පුද්ගලයෙක් වස පොවා පැරසිටමෝල් පෙති ද පොවා තිබිණි.  එහෙත් එසේ වස පොවන්නට   හිමිනම කියන ආකාරයේ  බාහිර පුද්ගලයෙක්  විහාර භූමියට පැමිණි බවට කිසිම සාක්ෂියකින් මෙතෙක් තහවුරු කරගැනීමට විමර්ශකයින්ට හැකි වී නැත.  ඒ පුද්ගලයා දැක ඇත්තේ වස පෙවුණු බව කියන හිමියන් පමණි.

මුලින් කී ලෙසම  ලැබෙන තොරතුරු අනුව   වෛද්‍ය වාර්තා සාමාන්‍යය. කිසිම විසක් ශරීර් ගත වුන බවක්    ඉන් තහවුරු වන්නේ නැත.    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ  හිමිනමගේ තත්ත්වය දැන් සාමාන්‍යය. එබැවින්  හිමියන්  සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.

හිමිනම කිසියම් දෙයක් වසන් කරන්නට උත්සාහ කරන්නේ ද යන සැකය   පොලීසියට මතුව ඇත්තේ මේ කරුණු පදනම් කරගෙනය. කවරෙක් හෝ මේ තරුණ හිමියන්ට බලහත්කාරයෙන් වස පෙව්වා ද, නැතහොත් කිසිවෙකුගේ අවධානය යොමු කරගැනීම සඳහා මේ හිමියන්ම පිටපත රහිතවම රංගනය යෙදෙන්නේ ද යන්න පිළිබඳ දැන් පොලිස් විමර්ශන අංශවල අවධානය යොමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. තව දින කීපයකින් සිදුවූයේ කුමක් දැයි හෙළි වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි කොරිඩෝවක් වූ සූරියවැව රක්ෂිතය වනසා කරන බඩඉරිගු වගා ව්‍යාපෘතිය නැවැත්වීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඒකමතිකව තීරණය කරයි…

Next Post

බ්‍රයන් තෝමස්ට යැවූ දුරකථන පණිවිඩය යැවුවේ ෂාෆ්ටර්මදැයි සැකයක්!… විමර්ශන සංකීර්ණ වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.