මනම්පිටිය – නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට යාබදව සූරියවැව රක්ෂිතය අක්කර 1500 ක බඩඉරිඟු වගාව කිරීම සඳහා පවසමින් එහි තිබෙන පළු, වීර, බුරුත, ඇතුළු වටිනා ශාක,ඩෝසර් යොදා විනාශ කිරීම වහාම නතර කර ලෙසට අද (19) සවස වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී ඒකමතික තීරණය විය.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් එක්ව සිටියහ,
වැලිකන්ද සූරියවැව රක්ෂිතය ඩෝසර් යොදා විනාශ කිරීම පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වූ බවත්, මේ පිළිබඳතමා පාර්ලිමේන්තුවේදී ද කතා කර බවත්, අලි මිනිස් ගැටුම්ට බෙහෙවින් බලපා ඇති මෙම සූරියවැව රක්ෂිතය හෙළි පෙහෙළි කිරීම වහාම නතර කර නීතිය ක්‍රියාත්ම කිරීමට පොලිසියට තමා උපදෙස් ලබාදෙන බවත්, මෙහිදී ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඔහු පැවසුවේ ඉරිඟු වගා කිරීමට අවශ්‍ය නම් සුදුසු භූමියක් තෝරා ගන්නා ලෙසය.
ජාතික සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මෙහිදී පැවැසුවේ සූරියවැව රක්ෂිතයේ අක්කර 1500 ක භූමියක් කොළඹ ප්‍රදේශයේ ආයෝජකයින් 49 කට ආසන්න පිරිසක් වෙත බෙදා දී ඇති බවය.
ඩෝසර් යොදා වටිනා බුරුත, වීර පලු, ඇතුළු ශාක විනාශ කරන මේ අපරාධය පිළිබඳ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුවත් වී නොමැති බව ඔහු කීවේය.
,ජනාධිපතිවරයා ඉඩම් ලබාදීම තාවකාලිකව නතර කර තිබියදී මෙලෙස වනාන්තර වනසා මහා විනාශයක් සිදු කිරීම පුදුම සහගත යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කිරීමේදී ඊට වගකිව යුතු ආයතන නිලධාරීන් පරස්පර පිළිතුරු ලබාදුන් අතර මෙම ඉඩම් ලබාදීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගෙන නොමැති බවට ද මෙහිදී හෙළිදරවු විය.
මෙම භූමිය අලි ගම්න් කරන කොරිඩෝවක් බව ඒ අවස්ථාවේ දී වනජීවි නිලධාරීහු අනාවරණය කළහ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැමිණි සිටි නිලධාරීන් සඳහන් කළේ එම රක්ෂිතය අයත් වන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට බවය. ඔවුන් ආයෝජකයින් හතළිස් නවදෙනකු සඳහා බඩඉරිගු වගාවට එම භූමිය ලබාදී ඇතැයි එම නිලධාරීහු පැවසූහ. ,
මෙම වන විනාශය වහාම නතර කරන ලෙසට සම්බන්ධිකරණ කමිටුව ඒකමතිකව තීරණය කර බව අදාළ නිලධාරීන්ට දැනුම්දෙන ලෙසද මෙහිදී වැඩිදුරටත් කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම සඳහන් කළේය,







