හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
ඔහු ඊයේ අයි.ඩී.එච් රෝහලට පැමිණ කොවිඩ් සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන තිබිණි.
එහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
හිටපු ජනාධිපතිවරයා මේ වන විට සිය නිවසේ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබා ගන්නා බව වාර්තා වේ.
සුවය ලබන තෙක් හිටපු ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව තිබූ ජනහමු සහ සෙසු දේශපාලන කටයුතුවලට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් නිවේදනය කරයි.







