හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුවගේ ජීප් රථයට වෙඩිතැබීමට පැමිණි යතුරුපැදිකරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් ද කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන ඇත. ඊයේ (27) මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තල සහ කිරුළපන ප්‍රදේශවලදී ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන ඇත.
සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා කාන්තාවක් ඇතුළු සැක කරුවන් තුන්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මහරගමදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.









