බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමෘද්ධි ව්‍යාපාරය වළපල්ලට…. අනුර රනිල්ගේ බෑන ද?… සමස්ථ ලංකා සමෘද්දි මහා සංගමය අසයි!

by editor
මැයි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුර කුමාර දිසානාය රනිල්ගේ බෑනාට ඇඳගෙන සමෘද්ධි ව්‍යාපාරය වළ පල්ලට යවන පාපකර්මයට කර ගසා ඇතැයි සමස්ත ලංකා සමෘද්ධි මහා සංගම් ප්‍රධාන සභාපති එම්.එම්.අයි.බී අබේසිංහ පැවසුවේය.

ජනතාව මේ රජය බලයට පැවරුවේ සප්පරක් බලාපොරොත්තු සහිතව බව කී සභාපතිවරයා සමෘද්ධි ව්‍යාපාරයට මේ ආණ්ඩුව සලකන ආකාරය ආණ්ඩුවේ ඉරණම තිරීණය කරනු ඇතැයි අවධාරණය කළේය.

සමෘද්ධි ව්‍යාපාරය ව්‍යසනයට ලක්වෙමින් ඇති ආකාරය සම්බන්ධව මහනුවර දී අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසුවේය.

ජනතාව මේ ආණ්ඩුව බලයට පත්කළේ කප්පරක් බලාපොරොත්තු ඇතිවයි. මේ ව්‍යාපාරය සතුව තිබුණු සහනාධාර වැඩපිළිවෙළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වාණිජ බැංකු වලට පැවරුවා. එය වෙනස් කරනවා කියලා පොරොන්දු දී බලයට පැමිණි අනුර කුමාර දිසානායක අද රනිල් ගේ බෑණා මෙන් කටයුතු කරමින් පැරණි වැඩපිළිවෙළ ඒ විදිහටම ඉදිරියට ගෙන යමින් සිටිනවා. මේ වනවිට අද සමෘද්ධි බැංකු ජාලය තුළ ක්‍රියාත්මක වූ කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇතිවෙලා.

සමෘද්ධිය හරහා ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ අරමුදල මිනිස්සුනට උපතේ දී විපතේ දී මඟුලේ දී මරණයේ දී මුදල් දෙන ඉතා වටිනා රක්ෂණ ක්‍රමවේදයක්. එය සහමුලින්ම රනිල් වික්‍රමසිංහ නැති කළා. මේ ආණ්ඩුවත් ඒ විදිහටම ඒක ක්‍රියාත්මක කරගෙන යනවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අද සමෘද්ධි නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවෝ ගත්තම 90 % ක් විතර මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. පසුගිය ආණ්ඩුව සමෘද්ධි ව්‍යාපාරය පරපතළ ලෙස රෝගි කළා. මේ ආණ්ඩුව කිසිදු ප්‍රතිකාරයක් නොකර ස්වාභාවික මරණයක් අත්වූ ලෙස සමෘද්ධි ව්‍යාපාරය මරා දැමීමට තමයි මේ උත්සහ කරන්නේ.

ආණ්ඩුවේ විෂයභාර ඇමැතිවරායාගේ අමාත්‍යාංශයට ප්‍රධාන විෂය අයිති ආයතනය නැහැ. සමාජ සුබසාධන හා ප්‍රතිලාභ මණ්ඩලය මගින් තමයි අස්වැසුම ක්‍රියාත්මක වෙන්නේ. ඒක තිබෙන්නේ ජනාධිපති යටතේයි. පසුගිය දෙසැම්බර් 27 වැනිදා ඇමැතිවරයාම මේ බව අප සමඟ පැවසුවා. මේ විදිහට කොහොමද සමෘද්ධි ව්‍යාපාරය තුළ ජනතාව සවිබල ගැන්වීම් කරන්නේ. අද කළමනාකරුවෝ සහ සමෘද්ධි නිලධාරීන් ගත්ම 3000-4000 ක හිඟයක් තිබෙනවා. ඒක රජය පිළිගන්නවා. ආණ්ඩුවට කේවට්ටකම් කරන වෘත්තිය සමිති මේවා ගැන නිහඬයි. සමෘද්ධි ව්‍යාපාරය වල්පල්ලට යන එක ගැන මේ අය කටක් අරන්නේ නැහැ.

ව්‍යාපාරයම වළපල්ලට යවන වට්ස් ඇප් ගෲප් –

සමෘද්ධි ව්‍යාපාරයට අද අත්ව තිබෙන්නේ ඉතාම ඛේදනීය ඉරණමක්.කේවට්ටයින් ගේ වුවමනාවට සංවර්ධන නිලධාරීන් අද බැංකු වලට ස්ථාපිත කරමින් ඉන්නවා. අධ්‍යක්ෂ ජනරාල් සියලු ප්‍රශ්න වලට විසඳුම් සොයන්න උත්සහ කරන්නේ වට්ස් ඇප් ගෘෘප් ඔස්සේයි. මේ වට්ස් ඇප් ගෘෘප් තමයි සමෘද්ධියට හෙනේ වෙලා තිබෙන්නේ. වට්ස් ඇප් ගෘෘප් 10 ක් විතර තිබෙනවා. වෘත්තිය සමිති වලට සාකච්ඡා නොදී මේවා මගින් තමයි තොරතුරු හුවමාරු කරන්නේ. විෂයභාර නියෝජ්‍ය ඇමැතිගේ නමවත් දන්නේ නැහැ.

සමෘද්ධි දෙපාර්තුමේන්තුවේ නිත්‍ය වගකිව යුතු තනතුරු රැසක් අද හිස්වෙලා. බැංකු මූල්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ ආවරණය කරන්නේ සහකාර අධ්‍යක්ෂවරයෙක් ඉන්නේ. නියෝජ්‍ය බැංකු මූල්‍ය අධ්‍යක්ෂවරු හතර දෙනෙක් ඉන්න ඕන. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ පුටු හිස්. රනිල් ගේ කාලයේ ඉඳන් එන මේ ප්‍රශ්නය විසඳන්න වත්මන් ආණ්ඩුවටත් වුවමනාවක් නැහැ. ගැලරිය චූන් කරන කතා කිය කිය ඉන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

සමෘද්ධි ව්‍යාපාරය ගමේ ජනතාව සමඟ තිබුණු සම්බන්ධතාව බිද වැටිලා. රාජ්‍ය අනුග්‍රහයට අවම වීම තමයි මේකට හේතුව. සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රතිලාභ අද ගමේ ජනතාවට නැහැ. රනිලුල් සේමසිංහයි අස්වැසුම ප්‍රතිලාභ ගන්න කාඩ් එකක් දුන්නා. දැන් කාඩ් එක දීලා අරක්කු බෝතලයක් වුනත් ගන්න පුළුවන්. මේ මුදල් බැංකුව හරහා දෙන්න කියලයි අපි යෝජනා කරන්නේ.

සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්.ඒ. වී බස්නායක ප්‍රකාශ කළේ බැංකු 1090 ක දැවැන්ත පද්ධතියක් සහ ලක්ෂ 18 ක සාමාජික පිරිසක් සමෘද්ධි බැංකු පද්ධතිය සතු බවත්, එදා තිබුණු 17 % ක අඩු ආදායම්ලාභින් ගේ ප්‍රතිශතය 6 % දක්වා ගේන්න මේ ව්‍යාපාරයට හැකියාව ලැබුණු බවත්ය. ලේකම් වරයා වැඩි දුරටත් කීවේ රුපියල් බිලියන 55 ක් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පොලී රහිත හා අඩු පොලී ණයක් දෙන බව ආණ්ඩුව කියන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය සතු මුදල් දෙස බලානෙ බවත්,  මේ බැංකුවල ඇති දුප්පත් ජනතාවගේ අරමුදල්වලට වගකීම් රහිතව අත තබන්නට මේ ආණ්ඩුවට ඉඩ නොදෙන බවත් ය.

සමස්ත ලංකා සමෘද්ධි මහා සංගම් සුබ සාධන ලේකම් ඩී.එම්.කේ.බී දිසානායක මාධ්‍ය ඉදිරියේ දී අවධාරණය කළේ මේ ආණඩුවට ස්වකීය දේශපාලන ගමන මේ වාරයෙන් නිමා කරගැනීමට අවශ්‍ය නැතිනම් සමෘද්ධි ව්‍යාපාරය වලපල්ලට ගෙන යමින් ගමේ ජනතාව ගේ ප්‍රශ්න උග්‍ර කිරීමේ අපරාධයෙන් ඉවත් විය යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – වෙඩි තබන්නට පැමිණි පැදිකරුත් අත් අඩංගුවට…

Next Post

හරක් කටා දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කරයි… ඊලඟ නඩු දිනය ජුනි 06…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.