සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයකට අරඇඳිල්ලක්!

මිනිස්සු ඉස්සරහා ජනාධිපතිවරයා පිචං කරන්නේ කැබිනට් ඇමතිවරුමයි...

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි.

අද (23) පැවැති මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදුවිය.

මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ ජනාධිපතිවරයා තේ ගොවීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම අදාළ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන ඇමැතිවරුන්ගේ වගකීමක් බවය.

“පසුගිය දින කිහිපය තුළ අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිතුමාගේ වීඩියෝවක් සංසරණය වෙනවා. එතුමා ගාල්ලේ ගිහිල්ලා කුඩා තේ වතු හිමියන්, තේ ගොවියන්, සමඟ සාකච්ඡා කළා. එතකොට ජනාධිපතිතුමාට ඒ තේ ගොවියෝ කියනවා ජනාධිපතිතුමනි, ඔබතුමා බොරු කියන්න එපා කියලා. ජනාධිපතිතුමා ඒ තේ ගොවියන්ට කියනවා ඕගොල්ලෝ බොරු කියන්න එපා, පොහොර නොමිලේ දුන්නා කියලා. ඉතින් ජනාධිපතිතුමා කටු අත්තක් වගේ මේ අහිංසක මිනිස්සුත් එක්ක පැටලි පැටලි, යන වීඩියෝ එකක් තමයි අපි දැක්කේ. මොකක්ද මේ වෙන්නේ? ”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඇත්ත කුමක්ද? ලංකාවේ කිසිම ආණ්ඩුවක් තේ සඳහා කිසිම දිනක පොහොර නොමිලේ ලබා දී නොමැත. පොහොර සහනාධාර ලබාදුන් අවස්ථා තිබුණ ද එසේ පොහොර නොමිලේ තේ සඳහා ලබාදුන් කාලයක් ඉතිහාසයේ නොමැත. පොහොර නොමිලේ ලබාදෙන බවට අනුරාධපුර රැස්වීමකදී පොරොන්දු වූ ජනාධිපතිවරයා දැන් තමාවම විහිළුවට ලක්වන ප්‍රකාශ සිදු කරමින් පවතී.

ජනාධිපතිවරයා තමන්ගේ හිසට හෙලාගත් කාබනික පොහොර මනස්ගාතය නිසාම රටේ පොහොර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබඳවවත් අදහසක් ඔහු සතුව නොමැත. “ගාල්ල කියන්නේ තේ වවන දිස්ත්‍රික්කයක්. වැවිලි කර්මාන්ත භාර ඇමති රමේෂ් පතිරණ මැතිතුමාට තිබුණා පැහැදිලි කරලා දෙන්න ජනාධිපතිතුමාට තේ වවන සුළු තේ ගොවියා අද මුහුණපාලා තියෙන ප්‍රශ්නෙ මෙන්න මේකයි කියලා. ඇයි ඔබතුමාලා ඔබතුමාගේ නායකයාට කියලා දෙන්නේ නැද්ද? ඇයි එතුමාව ඔහොම මිනිස්සු ඉස්සරහ පීචං කරවන්නේ.”

“අපේ සම්ප්‍රදායික ලොකු විශාල අපනයන ආදායමක් අහිමි වෙමින් යනවා. අනතුරකට මුහුණ පාලා තියෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ ජනාධිපතිතුමා සහ මේ කාබනික පොහොර මනස්ගාතය එතුමාගේ ඔලුවට දාපු ඊනියා වියත්තු, බුද්ධිමත්තු සහ දේශපාලකයෝ කණ්ඩායම්. එම නිසා අර ගොවියා කියන්නේ ඇත්ත. ගොවියා කියන්නේ පොහොර සහනාධාරයක් දෙන්න කියලා. හැමදාම පොහොර නොමිලේ දෙන්න කියන එක නෙවෙයි.”කෙමෙන් අගාධයට වැටෙමින් තිබෙන ආර්ථිකය මොළ හතක් තිබෙනවාය කියූ බැසිල් රාජපක්ෂ මහතාට කළමනාකරණය කරගත නොහැකි බව පෙන්වා දුන් පරණවිතාන  බැසිල් ඇමැතිවරයා යටතේ ආර්ථිකය ඉදිරියට නොයන බව ද සඳහන් කළේය.

43 සේනාංකයේ මූල්‍ය කටයුතු ලේකම් ඉංජිනේරු සුමේධ රත්නායක   ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.
“පහුගිය කාලේ ‘හයිවේ රොබරි’ හරහා සිද්ධ වූ මහා මංකොල්ලය වගේ තවත් එක් මංකොල්ලයක් සඳහා දැන් පිඹුරුපත් සැකසමින් තියෙනවා. ඒක තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ CEP-3 කියන කොටස, ඒ කියන්නේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක් ඉදිකිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. 2022 ජනවාරි 16 වෙනිදා කැබිනට් එකට මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා CM4 කියලා පත්‍රිකාවක්. මහාමාර්ග අමාත්‍යාංශය කිව්වා මේක ඉදිරිපත් කරලා මේ කොටස සදන්න වියදම් වෙන මුදල රුපියල් බිලියන 82ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 8200ක් කියලා.

කොන්ත්‍රාත්කරුවන් ලවා ඉදිකිරීම සඳහා වැයවන මුදල විදියට තමයි මේ 8200 මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් එකට දැන්වුවෙ. ඊට දවස් 11 කට පස්සේ හරියටම ජනවාරි 27 වෙනිදා CM6 කියන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් නැවතත් මහාමාර්ග අමාත්‍යාංශය විසින්ම මුදල් සපයාගෙන, නිර්මාණය කර අවුරුදු 15 කට නඩත්තු කිරීමත් ඇතුළත්ව, මේ මාර්ගය ඉදිකිරීම සඳහා, කොන්ත්‍රාත් ලබා දීමට, අනුමැතියක් ඉල්ලනවා. මෙන්න මේ අනුමැතිය යටතේ, අපිට දැනට ලැබිලා තියෙන ආරංචි අනුව, දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සාදාගත් සමාගමකට රුපියල් කෝටි 38000 කට මේ ව්‍යාපෘතිය දීම සඳහා කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ කියන්නේ මහාමාර්ග අමාත්‍යාංශය විසින්ම කෝටි 8200යි කියපු ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය විසින්ම මේ සා දැවැන්ත, ඒ කියන්නේ ඒ මුදල වගේ පස් ගුණයක මුදලකට කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම සඳහා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.”

43 සේනාංකය ඉංජිනේරු සංසදයේ ලේකම්, ඉංජිනේරු අමිල් ප්‍රියන්ත   මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.

“ඉදිකිරීම් ක්ෂේත්‍රය දළ ජාතික නිෂ්පාදනයට 7%ක වගේ දායකත්වය දක්වනවා. මෙම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්, නැත්නම් කොන්ත්‍රාත්කරුවන් 4600 ක් පමණ සිටිනවා. ලංකාවේ ශ්‍රම බලකායේ ලක්ෂ 9 ක පමණ ප්‍රමාණයක් සෘජුව හා වක්‍රව මෙම ක්ෂේත්‍රයත් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. රටක ආර්ථික සංවර්ධනයක් වෙනවා නම් ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය. නමුත් අද වෙද්දි අපිට කියන්න කණගාටුයි ඔය මහා පරිමාණ යැයි කියන ව්‍යාපෘතිවලට අමතරව කිසිම ව්‍යාපෘතියක් මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමට පත් වෙලා තියෙනවා. මෙම ක්ෂේත්‍රයේ හිටපු ලක්ෂ 10 කට ආසන්න පිරිසක් කිසිම ආදායමක් නැති මට්ටමට අද පත්වෙලා තියෙනවා.”

අමිල් ප්‍රියන්ත   පෙන්වා දෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් යම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවු අතර, ඊට අමතරව වර්තමාන ආණ්ඩුව විසින් ප්‍රශ්න රැසක් නිර්මාණය කර ඇති බවය. අමුද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ. ආනයනික අමුද්‍රව්‍ය වල දැවැන්ත හිඟයක් පවතී.

“රට ඇතුලේ තියෙන අමුද්‍රව්‍ය කර්මාන්ත කරන සමාගම් එකක් හෝ දෙකක් ප්‍රමාණයක් ඒ අයගෙ ආධිපත්‍ය පතුරවගෙන ඉන්නවා. එතකොට විශාල මුදලකට තමයි අපිට ගන්න වෙන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමුද්‍ර ගවේෂක ඇමරිකානුවාගේ ලක්ෂ 40ක උපකරණ යාපනයේ දී කොල්ල කාලා….

Next Post

දෙවන මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්තිය දැන් හීන වෙනවා… බූස්ටර් මාත්‍රාව ගත යුතුමයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.