දිනසේන රතුගමගේ –
යාපනයේ මුහුද ආශ්‍රිතව පර්යේෂණයක නිරතව සිටින ඇමරිකානු ජාතිකයෙකුගේ බෝට්ටුවක තිබූ ගවේෂණ උපකරණ රැසක් සොරකම් කොට ඇති බවට ඔහු යාපනය පොලීසියට අද ( 23 ) පැමිණිලි කොට තිබේ.
ගවේෂණ කටයුතුවල යෙදෙන ආරක්ෂිත බෝට්ටුව යාපනය ගුරුනගර් ජැටියේ නවතා ආහාර ගැනීමට අසල වූ හෝටලයකට ගොස් ආපසු පැමිණ බලන විට අගුලු දමා තිබූ බෝඊටුවේ දොරවල් කඩා රුපියල් ලක්ෂ 40 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ගවේශන උපකරණ සොරාගෙන ගොස් ඇතැයි ඇමරිකානු ජාතිකයා යාපනය පොලීසියට පැමිණිලි කොට තිබේ.
යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







