කොවිඩ් මර්දන දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ ශරීර ප්‍රතිශක්තිය ක්‍රමයෙන් හීනවෙමින් පවතින බැවින් බූස්ටර් එන්නත වහාම ලබා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරි කාලය ඉතාමත් අවදානම් තත්ත්වයක් රටපුරා නිර්මාණය වීම වැලැක්විය නොහැකි යැයි වසංගතරොග විශේෂඥ සමිත ගීනිගේ සඳහන් කරයි.
දෙවන එන්නත් මාත්‍රාව පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාසවලදී අතිබහුතර ජනතාවකට ලබා දී ඇති නමුත් මේ වන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිය හීනවෙමින් පවතින බැවින් බෝනොවන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් විවිධ සංකූලතාවන් මතුවී මරණය පවා සිදුවිය හැකි බව ඔහු පෙන්වාදේ.
අති බහුතරයක් දෙනා දෙවන මාත්‍රාව ලබා ගැනීම හේතුවෙන් අද වන විට අප සියලුම දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන නමුත් බූස්ටර් මාත්‍රාව ලබා නොගැනීම තුළ ඉදිරියේදී එළඹෙන උත්සව සමය අනතුරුදාය විය හැකි යැයි වෛද්‍ය ගිනිගේ පෙන්වාදේ.
මේ වන විට මිලියන 8ක් දෙනා බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොමැති බවත් කිසිදු එන්නතක් ලබා නොගත් පිරිසක් ද සිටින බැවින් ඔවුන් තමන්ට නියමිත එන්නත් මාත්‍රාව අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් විශේෂඥවරයා ඉල්ලා සිටියි







