බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හනුමා ගිනි තියයි… ඇමරිකාව ඊශ්‍රයාලය සමග එක්ව ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක එල්ල කළ හැටි…

by editor
ජූනි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සංකීර්ණ පිහිටුවා ඇති නටාන්ස්, ෆෝඩෝව්, ඉස්ෆහාන් ඇතුළු ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ගණනාවක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කළ විනාශකාරී ප්‍රහාරයට අද අළුයම ඇමරිකා එක්සත් ජනපදය සිය නිල වශයෙන් එකතු වී දැවැන්ත ප්‍රහාරයක් දියත් කරනු ලැබුවේය.

ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළේ B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා හයක් GBU-57 දැවැන්ත යුධෝපකරණ විනිවිදක (බංකර්-බස්ටර්) යොදාගෙන මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල කළ බවය. බංකර් බස්ටර් බෝම්බ 12ක් ෆෝඩෝව් න්‍යෂ්ටික බලාගාරය වෙතත්,  එම බෝම්බ 2ක් නටාස් වෙත හෙළූ බවත්, එක්සත් ජනපද සබ්මැරීන නටාන්ස් සහ ඉස්ෆහාන් ඉලක්ක කර ගනිමින් ටොමාහෝක් මිසයිල  30ක් දියත් කළ බවත්ය.

ඉලක්කය වූයේ ඉරානයේ යුරේනියම් පොහොසත් කිරීමේ වැඩසටහනේ භූ ගත පද්ධතිය විනාශ කිරීම සහ ඊශ්‍රායලයේ පෙර ප්‍රහාරවල බලපෑම ශක්තිමත් කිරීම බව පැවසිනි.

GBU-57 යනු කුමක් ද?

ලොව විශාලතම න්‍යෂ්ටික නොවන “බංකර් බස්ටර්” බෝම්බය ලෙස සැලකෙන GBU-57A/B Massive Ordnance Penetrator නමැති බෝම්බය ඇමෙරිකා එක්සත් ජනපදය සතු අවියකි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

එය රාත්තල් 30,000ක් (කිලෝග්‍රෑම් 13,600) බරින් යුතු නිරවද්‍ය මාර්ගෝපදේශක අනුව ක්‍රියාත්මක වන බෝම්බයකි. GBU-57A/B යනු භූගතව පිහිටා ඇති බංකර් සහ උමං මාර්ගවලට පහර දී විනාශ කිරීම සඳහා නිර්මාණය කරන ලද විශාල බෝම්බයක් බව ඇමෙරිකා එක්සත් ජනපද රජය පවසයි.

මීටර් හයක් දිගැති මෙය, පිපිරීමට පෙර මතුපිට සිට අඩි 200ක් (මීටර් 61) පමණ ගැඹුරට කිඳා බැසීමට සමත් බව පැවසේ. එකිනෙක පිපිරීමෙන් පොළොව හාරමින් ගැඹුරට යන ආකාරයෙන් බෝම්බ රැසක් අනුපිළිවෙළින් පුපුරුවා හැරීමට එයට හැකියාව පවතී.

බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම දැවැන්ත අවිය කිසි විටෙකත් සටන් සඳහා භාවිත කර නොමැති බව බීබීසිය වර්තා කරයි. නමුත් නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා පරීක්ෂණ ප්‍රදේශයක් වන වයිට් සෑන්ඩ්ස් මිසයිල භූමි කලාපයේදී අත්හදා බලා තිබේ.

මෙම බෝම්බ හෙළිය හැක්කේ, ඇමෙරිකා එක්සත් ජනපදය සතු B-2 Spirit යානයට පමණකි. එය රහසිගත බෝම්බකරු ලෙස ද හැඳින්වේ. මෙය ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වඩාත් ම දියුණු ගුවන් යානාවලින් එකකි.

ගුවන් යානයේ නිෂ්පාදකයාට අනුව, B-2 යානයට රාත්තල් 40,000ක (කිලෝග්‍රෑම් 18,000) බරක් රැගෙන යා හැකි ය. කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව පවසා ඇත්තේ, GBU-57A/B බංකර් බස්ටර් දෙකක් රැගෙන යමින් B-2 යානය සාර්ථකව අත්හදා බැලූ බව ය. එහි මුළු බර රාත්තල් 60,000ක් (කිලෝග්‍රෑම් 27,200) පමණ වේ.

මෙම දිගු දුර බර බෝම්බ හෙළන ගුවන් යානයට ඉන්ධන පිරවීමකින් තොරව සැතපුම් 7,000ක (කිලෝමීටර් 11,000) පමණ පරාසයක් පියාසර කළ හැකි අතර, එක් ඉන්ධන පිරවීමකින් පසුව සැතපුම් 11,500ක් (කිලෝමීටර් 18,500) දක්වා පරාසයක් පියාසර කරයි. එමගින් පැය කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනෑ ම ස්ථානයකට ළඟා වීමට හැකිය.

ෆොර්දො බලාගාරය

ෆොර්දෝ යනු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය වන නටාන්ස් බලාගාරයට පසුව ඇති දෙවන න්‍යෂ්ටික බලාගාරය යි. ටෙහෙරානයට නිරිත දෙසින් සැතපුම් 60ක් (කිලෝමීටර් 95ක්) පමණ දුරින් පිහිටි කොම් නගරයේ කන්දක් අසල මෙම බලාගාරය ඉදිකර ඇත. ෆෝඩෝව් වෙත බංකර්-බස්ටර් ප්‍රහාර මාලාවක් දියත් කළ පසු ට්‍රම්ප් පැවසුවේ “ෆෝඩෝ නැති වී ගොස් ඇති” බවය.

නටාන්ස් බලාගාර පද්ධතියේ පොළොව මත සහ භූගත බංකර තුළ ස්ථාන ගත කර තිබූ යුරේනියම් පොහොසත් කිරීමේ කුටිවෙත බංකර්-බස්ටර් රැගෙන පැමිණි ටොමාහෝක්ස් යානා මගින් පහර දී තිබිණි.

ඉස්ෆහාන් (එස්ෆහාන්) න්‍යෂ්ටික තාක්ෂණ මධ්‍යස්ථානයේ ‍ටොමොහොක්ස් යානා මගින් එල්ල කළ ප්‍රහාරයෙන් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරමින් පද්ධතියේ යටිතල පහසුකම් ව්‍යසනයට ලක් කර තිබිණි. ඒ සමගම නැන්ටාස් සහ ඉස්ෆහාන් බලාගාර වෙත ටොමාහෝක් කෲස් මිසයිල ද එක්සත් ජනපද සබ්මැරීන වලින් දියත් තිබිණි.

මේ වනවිට ට්‍රම්ප් කියන්නේ මෙහෙයුම ඉතාම සාර්ථක බවය. ඔහු උදම් අනන්නේ එය “විකිරණශීලී මිලිටරි සාර්ථකත්වයක්” ලෙස විස්තර කරමිනි. ඔහු උදාන වාඛ්‍ය කියන්නේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනම තුනම “මකා දැමූ” බව කියමිනි.

විකිරණශීලී ද්‍රව්‍ය නිකුත් කර ඇත්ද යන්න පිළිබඳව අඛණ්ඩ ප්‍රශ්න පවතී. ඉරානය පැවසුවේ මෙතෙක් විකිරණ කාන්දුවීම් අනාවරණය වී නොමැති බවයි.

ක්‍රියාකාරී පොහොසත් කිරීමේ ස්ථානවලට පහර දීමෙන් ඇතිවිය හැකි පාරිසරික අවදානම් පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) මීට පෙර අනතුරු අඟවා තිබුණි.

Share69Tweet43
Previous Post

දොස්තරලා ලක්ෂ ගණන්වලින් බෙහෙත් හොරකම් කරන,පිළිකා නාශක එන්නත් වෙනුවට ලුණු දියර විදින රටක ඇත්තේ මොන අධ්‍යාත්මයක් ද?. ජනපති විමසයි!

Next Post

ඊශ්‍රයාලය හා එක්ව කළ ප්‍රහාරය විශ්මය ජනක ලෙස සාර්ථකයි… සාමය නොපැමිණියහොත් ඉරානය විනාශකරන බව ට්‍රම්ප් පවසයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.