බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තරලා ලක්ෂ ගණන්වලින් බෙහෙත් හොරකම් කරන,පිළිකා නාශක එන්නත් වෙනුවට ලුණු දියර විදින රටක ඇත්තේ මොන අධ්‍යාත්මයක් ද?. ජනපති විමසයි!

by editor
ජූනි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පැවතුන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සදාචාරාත්මක මැදිහත්වීම කරන්නට රජය කැප වන බවත්, බිඳ වැටී ඇති අධ්‍යාත්මයක් සහිත සමාජය යළි ගොඩනැගීමට ගම් නියම්ගම්වල සැරිසරමින් සිය ඓතිහාසික වගකීම ඉටු කරන්නට සංඝරත්නයට ආරාධනා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ ලෙඩ්ඩුන්ට ඇති ඖෂධ ටික ලක්ෂ ගණන් ලාභ ලබන වෛද්‍යවරුන් සිටීනම්, පණ අදින ලෙඩුන් සඳහා ලබා දෙන ඖෂධ ලෙසින් ලුණු දියර අලෙවි කළ හැකි බලධාරීන් සිටීනම් ඒ සමාජයේ අධ්‍යාත්මය ඇත්තේ කොතැනදැයි ගැටලුවක් මතුවන බවය.

පිරිහුන සමාජය යළි ගොනැගීම සඳහා වූ අධ්‍යාත්මික පදනම නිර්මාණය කරගැනීමට මහා සංඝයාට ගම් නියම්ගම්වල සැරිසරන ලෙසත් අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම් රජය විසින් සම්පාදනය කිරීමට පොරොන්දුවන බවත් ජනපතිවරයා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ට එක් වෙමිනි.

ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

“අපේ බෞද්ධ දහමේ බලය නොනැසී දිගු කාලයක් පවතින්නේ ඒ දහමේ තිබෙන බලයත්, ඒ වගේම ඒ දහම මත ගොඩනැගුන සංස්කෘතියත් නිසා. ඒ නිසා තමයි මේ දහම මේ තරම් කාලයක් නොනැසී පැවතුනේ. අපේ යතිවරයානන් වහන්සේලා ගම් බිම් කරා වැඩම කරමින් මෙහි තිබෙන හරය මෙහි තිබෙන ගැඹුර මෙහි තියන සමාජමය වටිනාකම් ඇති තරම් දේශනා කරලා තියනවා. ඒ දේශනාවල බලයෙන් ඒ දේශනාවල හරයෙන් තමයි අපට අපේම වූ සංස්කෘතියක් නිර්මාණය වුනේ.

අපේ සංස්කෘතිය ඉතාම බලවත් කරුණුවලින් හෙබවිලා තිබුණා. ඒ නිසා සමාජයක් අධ්‍යාත්මික සමාජයක්බවට පරිවර්තනය කරනකොට ඒ සමාජයේ අක්මුල් බැහැගත්තු ඓතිහාසික උරුමයන් තියනවා.

සමාජයක් සදාචාරාත්මක භාවයට පත් වන්නේ නීතියෙන් පමණක් නොවෙයි. රීතියෙන් පමණක් නොවෙයි. සමාජයක් සදාචාරාත්මක භාවයට පත් වන්නේ අධ්‍යාත්මයෙන්. එහෙනම් වැදගත් වන්නේ මොකක් ද?. වැදගත් වන්නේ ඒ සමාජය මොන තරම් ප්‍රමාණයකින් අධ්‍යාත්මිකව දියුණු වෙනවා ද කියන සාධකය.

එවැනි ඓතිහාසික උරුමයක් තියන සමාජයක් අද පත් වී තිබෙන ඉරණම කුමක් ද කියලා අපි තේරුම් ගන්න ඕන. ලෙඩ්ඩුන්ට දෙන්න තියන ඖෂධය ලක්ෂ ගණනින් විකුණන වෛද්‍යවරු බිහි වෙනවා නම්,  රෝගියෙකුට දෙන ඉන්ජක්ෂන් එකකට ළුණු ඇතුළු කරලා ඉනේජෙක්ෂන් ගන්න පුලුවන් නම්, අපේ හාමුදුරුවන් වහන්ස … අවුරුදු 2300කටත් අධික කාලයක් ඔබවහනසේලා විසින් දේශනා කරන ලද ධර්මයේ ඵලය මොකක්ද කියලා මම

ආර්ථික දත්තවලින් ආර්ථිකය නිවැරදි වෙනවා කියලා කියන්න පුලුවන්. අපට විදෙස් දංචිත ශක්තිමත් කරන්න පුලුවන්. අපි උපරිම උත්සාහ කරනවා ලංකාව වැඩිම අපනයන ආදායම් සහිත අවුරුද්ද බවට පත් වෙනවා. නතර වෙලා තියන කටුනායක ව්‍යාපෘතිය අපට පටන් ගන්න පුලුවන්. නතරවෙලා තියන අධිවේගී මාර්ග අපට පටන් ගන්න පුලුවන්. දත්ත ඉදිකිරීම් අපට පෙන්වන්න පුලුවන්. නමුත් පිරිහුණ සමාජයකට, අධ්‍යාත්මය කඩා වැටුණු සමාජයකට භෞතික සම්පත් ගොඩනැගීමෙන් කිසිම පලක් නෑ.

අපි අපේ හාමුදරුවන් වහන්සේලාට පොරොන්දු වෙනවා. මේ ව්‍යසනය අපේ රටට ඇ.ති කළේ මුදුනේ සිටයි. අපි එකක් මේ සමාජයට පොරොන්දු වෙනවා. එකක් දේශපාලන අධිකාරිය ලෙස ඊට අදාලවන සදාචාරාත්මක මැදිහත්වීම කරන්නම්. නීතියෙන් පුලුවන්, දඬුවම් දී පුලුවන්. බන්ධනාගාරගත කර පුලුවන්. හැබැයි සියල්ල බෑ.”;

ජනාධිපතිවරයා කීවේය.

Share69Tweet43
Previous Post

තිදෙනෙකුට මරු කැඳවා 34කට තුවාල සිදුකළ බදුල්ල මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ රිය සහායකයා බව හෙළි වෙයි!

Next Post

හනුමා ගිනි තියයි… ඇමරිකාව ඊශ්‍රයාලය සමග එක්ව ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක එල්ල කළ හැටි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.