ශ්‍රියානි විජේසිංහ –
හදවත් සැත්කමට යොමු විය යුතු දරුවන් 2500ක් දෙනා රිජ්‌වේ ආර්යා රෝහලේ පොරොත්තු ලේඛනය තුළ රැදී සිටින බව රෝහල් අධ්‍යක්ෂ ජී.විජේසූරිය සඳහන් කරයි.
උපතින් හදවත් රෝගවලට ගොදුරු වූ දරුවන් සහ වෙනත් රෝගවලට ගොදුර වූ දරුවන් 5 දෙනෙකුවත් දිනකට හදවත් රෝගීන් ලෙස හඳුනා ගන්නා බව අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
මෙසේ දිනකට හදවත් ශල්‍යකර්මවලට යොමු කළ හැක්කේ දරුවන් 5 දෙනෙකු පමණක් වන බවත් එම සැත්කම් කඩිනම් කිරීම සඳහා ලිට්ල් හාට් වැඩසටහන යටතේ මහල් 11කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කළ බවත් පෙන්වා දෙන රෝහල් අධ්‍යක්ෂවරයා මේ වන විට එහි ඉදිකිරීම් තාවකාලිකව නතර වී ඇති බව කීවේය.
එහි ඉදීරිම් ලබන අගොස්තුවේ නිම කිරීමට සැලසුම් කර තිබුණද පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් ලබන වසර අවසානය දක්වා ඉදිකිරීම් කල් යාමට ඉඩ ඇති බැවින් එය නිමකිරීමට රුපියල් බිලියනයක පමණ මුදලක් අවශ්‍ය ඇතැයිද සඳහන් කරයි.
මේ සඳහා දායක වීමට හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් ඉදිරිපත් වන්නැයි ලිට්ල් හාට් අරමුදල රටේ දරු පැටවුන් වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.







