රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟින් ශ්‍රී ලංකාව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානයට පත් වූයේය.

මෙය ආසියානු මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය ය.
ශ්‍රී ලංකාව මීට පෙර අවසන් කර තිබූ ඉහළම ස්ථානය වූයේ 6 වැනි ස්ථානය ය. ඒ වර්ෂ 2002 දී ය.
මේ තරගාවලියේ විචිත්‍රවත්ම ප්‍රයත්නය ශ්‍රි ලංකා 4×400 සහාය දිවීමේ කණ්ඩායමේය.
පිරිමි මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වෙන් අරුණ දර්ශන, රජිත් රාජකරුණා, පබසර නිකූ, සහ කාලිංග කුමාරගේ රන් පදක්කම ජයග්‍රහණය කළේ ආසියානු වාර්තාවක් පිහිටුවමිනි. තත්ත්පර 3:01.56 කින් ඔවුන් තරගය නිමා කළේ 2015 වසරේ පිහිටුවා තිබූ 3:02.50 වාර්තාව බිඳ දමමිනි.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට අනුව එය එම ඉසව්ව වෙනුවෙන් ලෝකයේ දෙවැනි හොඳම කාලය ය. මේ රත්තරන් වැස්ස වූ ඒ විශිෂ්ට ඉස්ව්වය.







