එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව අභියෝග ජය ගැනීමට උදා වූ අලුත් අවුරුද්දේ කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසයි.
පවතින ආර්ථික සහ ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදෙමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම අපගේ පිළිවෙත වන බැවින් පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යමත් වසරක් ජනාධිපතිවරයා විසින් ප්‍රාර්ථනා කරයි.
.අලුත් අවුරුදු පණිවුඩයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බවය. අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ජනතාව මුහුණදුන් පීඩා එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් ක්‍රියාවට නංවමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.







